ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, සිදු වූ බව කියන බුකී ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඉන්දීය මහාරාශ්ට්‍ර ප්‍රාන්ත පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මුදල් විශුද්ධිකරණය යටතේ, පසුගියදා අත්අඩංගුවට ගත් සචින් ජෝෂිගේ ගිණුම් තොරතුරු විශ්ලේෂණය කිරීම ද ආරම්භ කර ඇති බවයි.
ශ්‍රී ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ හිමිකරු ඔහු වීමත් විශේෂත්වයක්.
අදාළ තරගාවලියේදී අසාමාන්‍ය ලෙස නිපන්දු යොමු කිරීම හේතුවෙන්, දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාරගෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය විසින් ප්‍රශ්න කර තිබු බව ද සඳහන්.
මේ වනවිට ඉන්දිය ව්‍යාපාරික සචින් ජෝෂි හට ඉන්දිය රුපියල් කෝටි 1500 ක මුදල් විශුද්ධිකරණය කළ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.
එහි කෝටි 87 ක මුදලක් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී උපයාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.