ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 තුලම සමලිංගික විවාහ නිත්‍යානුකුල බව ප්‍රකාශ කළා.
මීට ඉහතදී ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් තුල සමලිංගික විවාහ නිත්‍යානුකුල වුයේ නැහැ. මෙසේ මුළු ඇමෙරිකාව තුලම සමලිංගික විවාහ නිත්‍යානුකුල වීම සැමරීම සඳහා Facebook Profile Picture දේදුන්නක පාටින් වර්ණ ගන්වා ගැනීම ඊයේ (27) දිනයේ සිට සිදු වනවා.
ආරදය සමලිංගික ,ද්විලිංගික හෝ විරුද්ධ ලිංගික වන්නට පුළුවන් .මේ ඕනෑම අකාරයකට ආදරය කරන්නන්ට විවාහ වීමට අයිතිය හිමි වීම සැමරීම සඳහායි මෙසේ Facebook Profile Pictures එක දේදුන්නක පාටින් වර්ණ ගන්වා ගැනීම සිදු කරන්නේ.
Facebook නිර්මාතෘ මාක් සකබර්ග්, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි TIM COOK ,මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි SATYA NADELLA , ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු පුද්ගලයින් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය සම්මත කල නීතිය අගය කරමින් Twitter පණිවිඩ නිකුත් කර තිබෙනවා.
සටහන - යුගන්තා වේරගොඩ