හෙට (17) දිනයේදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇති අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර දකුණු සහ ඌව පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
උතුරු, නැගෙනහිර, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.