පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකර එහි ප්‍රගතිය නොවැම්බර් 05 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාක් ලංකා ජයරත්න අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ සිද්ධියට අදාලව ලබා ගත් පැය 607ක සී.සී.ටී.වී. දර්ශන රජයේ රස පරීක්ෂක වෙත ලබා දුන් බවයි.
කෙසේ නමුත් ඒවා විශ්ලේෂණය කර වාර්තාවක් ලබාදීමට මාස 10ක කාලයක් ගතවනු ඇති බවට රජයේ රස පරීක්ෂක සඳහන් කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න රජයේ රස පරික්ෂකට නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා දුන් සී.සී.ටී.වී. දර්ශන වල සම්පූර්ණ වාර්තාව නොව මෙරට ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් පැහැර ගැනීමට ලක් වු බව කියන 2019 නොවැම්බර් 25 වන දින සී.සී.ටී.වී. දර්ශන පමණක් විශේලේෂණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.