Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
18
"අපි මේ ආක්‍රමණයට සුදානම් විය යුතු වනවා.." - කොරෝනා එනවා කියලා අවුරුදු තුනකට කලින් බිල් ගේට්ස් කිව්වෙ කොහොමද? - Photos

- "අපි මේ ආක්‍රමණයට සුදානම් විය යුතු වනවා.." - කොරෝනා එනවා කියලා අවුරුදු තුනකට කලින් බිල් ගේට්ස් කිව්වෙ කොහොමද? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views

පාඩුව වසරකට ඩොලර් බිලියන 570ක් විය හැකියි..
සුදානම් වෙන්න තිබුණු කාලය අපතේ ගිය හැටි...
 
ඉදිරියේදී වසර 20කට වරක්වත් කොරෝනා වසංගතය වැනි වයිරස වසංගතයක් මිනිස් වර්ගයා ආක්‍රමණය කිරීමේ අවදානමක් පවතින බව ලෝක ප්‍රකට ව්‍යවසායකයකු, මෘදුකාංග විශේෂඥයකු, ආයෝජකයකු වන බිල් ගේට්ස් සඳහන් කරයි.
 
ඒ නිසා මෙවර ඇති වූ ව්‍යසනයෙන් පාඩම් ඉගෙන ගනිමින් ඉදිරියේ ඇති විය හැකි වසංගත සඳහා කල්වේලා ඇතිව සූදානම් විය යුතුව ඇති බව ඔහු අවධාරණය කරයි.


බිල් ගේට්ස්ගේ මෙම අනාවැකිය සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. මන්ද යත් මේ වනවිට ලෝකය පුරා පැතිරෙමින් ඇති කොවිඩ් වසංගතය වැනි වසංගතයක් ගැන ද මෙයට වසර 3කට පෙර ඔහු අනතුරු ඇඟවීමක් කළ බැවිනි.
 
2017 වසරේ ආරක්‍ෂක සමුළුවක් අමතමින් ඔහු එම අනතුරු ඇඟවීම කළේ තවත් විද්‍යාඥයන්, වසංගතවේදීන් වැනි පාර්ශ්ව පළ කර තිබූ අදහස් මත පදනම් වෙමිනි.
 
මිනිස් සංහතිය මෙවැනි ගෝලීය පරිමාණයේ වසංගතයක් නිසා දරුණු තර්ජනයකට ලක් විය හැකි බවත් වසර 10-15ක් වැනි කාලයක් තුළ එවැනි මහ පරිමාණයේ වසංගතයක් පැතිරෙන්නට ඉඩ ඇති බවත් එම වසංගතය නිසා වසරක් ඇතුළත ලෝකය පුරා මිලියන 30කට ආසන්න පිරිසක් මරණයට පත්විය හැකි බවත් බිල් ගේට්ස් එහිදී අවධානයට ලක් කළේය.
 
ඔහු පැවසූ තරම් පිරිසක් මරණයට පත් නොවුණත් කොවිඩ් - 19 නිසා සිදුවූ මරණ සංඛ්‍යාව කිසිවකුත් අපේක්‍ෂා නොකළ, කා තුළත් මහත් භීතියක් සහ කම්පනයක් ඇති කළ සංඛ්‍යාවක් විය.
 
ඉහත කී අදහස් දැක්වීමේදී බිල් ගේට්ස් උදාහරණයක් හැටියට ගෙන තිබුණේ 1918 වසරේ බිහිසුණු ආකාරයෙන් පැතිර ගිය ස්පාඤ්ඤ උණ නමැති වසංගතයයි.
 
එයින් ලොව පුරා මිලියන 50-100 අතර පිරිසක් මරණයට පත් වී යැයි විශ්වාස කෙරේ. එම වසංගතයට මුල් වූයේ මෙයට වසර කිහිපයකට පෙරද පැතිර ගිය සූඛර උණ රෝගය ඇති කළ එච්1 එන්1 (H1N1) වයිරසයයි.
 
මෙම ස්පාඤ්ඤ උණ වසංගතය සැලකෙන්නේ මෑත ඉතිහාසයේ ඇති වූ දරුණුම වසංගතය ලෙසිනි. අද කාලයේ වුව ද ලෙහෙසියෙන් සහ වේගයෙන් පැතිරෙන වයිරසයක් ව්‍යාප්ත වන්නට පටන් ගතහොත් එයින් මිලියන ගණනක් මියයෑමේ අවදානම බැහැර කළ නොහැකි බව බිල් ගේට්ස් සඳහන් කර තිබිණි.
 
ඔහු පෙන්වාදී තිබුණේ ලෝකය වඩාත් දැඩි ලෙස එකට සම්බන්ධව ඇති තත්ත්වයක් තුළ මිනිසුන් විශාල වශයෙන් ලෝකය පුරා සංචරණය වන පසුබිමක් තුළ මෙය ඉතා ලෙහෙසියෙන් සිදුවිය හැක්කක් බවයි.
 
මෙවැනි අනතුරු ඇඟවීමක් කරමින් ඔහු එදා අවධාරණය කර තිබුණේ එවැනි වසංගතයකට මුහුණ දීම සඳහා තවමත් මිනිස් සංහතිය සූදානම් නොමැති බව සහ වහ වහා ඒ සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවයි.
 
මේ ආකාරයේ වයිරස සඳහා එන්නත් සොයා ගැනීමේදී සිදුවන පමාව ගැනද ඔහු කනස්සල්ල පළකර තිබිණි. 2017 වනවිට පැවැති තත්ත්වය අනුව බිල් ගේට්ස් පෙන්වාදී තිබුණේ එවැනි වසංගතයකට එරෙහි එන්නතක් සොයා ගැනීමට සහ එය මහ පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට වසර 10කට ආසන්න කාලයක් ගත විය හැකි බවයි.
 
නමුත් දින 90ක් වැනි කාලයක් තුළ එන්නතක් නිපදවා ගැනීමේ හැකියාව ඇති කරගත යුතු යැයිද ඔහු තවදුරටත් අවධාරණය කර තිබිණි. එසේ නොවුණහොත් අධික වේගයෙන් ව්‍යාප්ත වන වයිරසයක් නිසා සිදුවන අතිවිශාල මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට නොහැකි වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
 
මෙය අදටත් බොහෝ දුරට වලංගු කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. කෙසේ වෙතත් නව කොරෝනා වයිරසය සඳහා වසර එකහමාරක්, දෙකක් වැනි කාලයකින් එන්නතක් සොයාගැනීමට හැකි වනු ඇති බව විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ. නමුත් ඒ වනවිට තව විශාල සංඛ්‍යාවක් කොවිඩ් - 19 නිසා මරණයට පත්ව සිටිනු ඇත.
 
බිල් ගේට්ස් එදා සඳහන් කර තිබුණේ මිනිස් සංහතිය හමුවේ ප්‍රධාන අනතුරු 3ක් ඇති බවයි. න්‍යෂ්ටික යුද්ධයක් නිසා සිදුවිය හැකි ව්‍යසනය ඉන් එකකි. දෙවැන්න ලෙස සඳහන් කර තිබුණේ කාලගුණික විපර්යාස නිසා එල්ල විය හැකි අනතුරයි.
 
හඳුනා නොගත් වයිරසයක් නිසා සිදුවිය හැකි ඛේදවාචකයද ඒ තරමටම බිහිසුණු විය හැකි බවට ඔහු අනතුරු අඟවා තිබිණි. විවිධ ජාතීන් යුද්ධ සඳහා සූදානම් වන්නේ යම් සේ ද මෙවැනි වයිරස ආක්‍රමණයක් සඳහාද ඒ තරම්ම උනන්දුවකින් සූදානම් විය යුතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
 
යුද මෙහෙයුම්වල නිරත වීම සඳහා විවිධ රටවල හමුදාවන් විවිධාකාරයේ යුද අභ්‍යාස ආදියෙහි නිරත වන බව රහසක් නොවේ. ගෝලීය පරිමාණයෙන් පැතිරෙන බිහිසුණු වයිරසයක් සමඟ සටන් කිරීම සඳහා සූදානම් වීමේදීද මෙවැනි අභ්‍යාසවල යෙදෙමින් සැලසුම් ඇති කර ගැනීම වැදගත් බව ඔහු පවසා තිබිණි. වයිරසයක් පැතිරෙන ආකාරය තේරුම් ගැනීමට, එහිදී භීතියට පත්වන මිනිසුන් හැසිරෙනු ඇති ආකාරය තේරුම් ගැනීමට, එහිදී ඇති විය හැකි වාහන තදබදයන්, සන්නිවේදන බිඳවැටීම් වැනි තත්ත්වයන්ට මුහුණ දියයුතු ආකාරය තේරුම් ගැනීමට මේ නිසා හැකිවනු ඇති බව ඔහුගේ අදහස විය.
 
බිල් ගේට්ස් කාගේත් අවධානයට යොමුකර තිබූ තවත් වැදගත් කාරණයක් වූයේ, මෙවැනි වසංගත තත්ත්වයක් සඳහා ලෝකයේ දිළිඳු රටවල් සූදානම් කිරීමේ අවශ්‍යතාවයි.
 
නමුත් මේ සඳහා ප්‍රමාණවත් තරමින් මුදල් යෙදවීමක් සිදු නොවන බව ඔහු අවධාරණය කර තිබිණි.
 
‘මේ ආකාරයෙන් ලෝකයම මෙවැනි වසංගතයක් සඳහා සූදානම් කිරීමට වැය වන්නේ වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.4ක් වැනි මුදලක් පමණයි. නමුත් යම් හෙයකින් මේ ආකාරයේ වසංගතයක් පැතිරුණහොත් සිදුවිය හැකි පාඩුව වසරකට ඩොලර් බිලියන 570ක් පමණ විය හැකි බවට ගණන් බලා තිබෙනවා’.
 
මුළු ලෝකයම මෙවැනි තත්ත්වයක් සඳහා සූදානම් කිරීමේ ප්‍රඥාගෝචර බව ඔහු පැහැදිලි කරදී තිබුණේ එලෙසිනි.
 
පසුගියදා කොවිඩ් වසංගතය පැතිරෙන්නට පටන් ගැනීමෙන් පසු අදහස් දක්වමින් බිල් ගේට්ස් පවසා තිබුණේ, විවිධ පාර්ශ්ව කර තිබූ අනතුරු ඇඟවීම් ගැන අවධානය යොමු කර මේ සඳහා යම් සූදානමක් ඇති කරගෙන තිබුණා නම් දැන් සිදුවෙමින් ඇති හානිය විශාල ප්‍රමාණයකින් අඩු කර ගැනීමට හැකියාව තිබුණු බවයි.
 
බිල් ගේට්ස් යනු අනතුරු ඇඟවීම් සහ යෝජනා ඉදිරිපත් කරමින් සිටින්නකු පමණක් නොවේ. ඔහු ක්‍රියාවෙන්ම ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ ධනය කැප කරමින් සිටින්නෙකි.
 
ඔහු සහ බිරිය මෙලින්දා ගේට්ස් විසින් පිහිටුවනු ලැබ ඇති ‘බිල් ඇන්ඩ් මෙලින්දා ගේට්ස් පදනම’ හරහා ඔවුහු විශාල වැඩ කොටසක් කරමින් සිටිති. ඔෟෂධ සහ එන්නත් සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ වෙනුවෙන් මෙන්ම අඩු දියුණු රටවල ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නඟාසිටුවීම වැනි කටයුතු වෙනුවෙන් ද මෙම පදනම විශාල වශයෙන් දායක වෙමින් සිටියි. ඔවුහු ඒ සඳහා ඩොලර් බිලියන ගණනින් වියදම් කරති.
 
කොරෝනා වයිරසය පැතිරෙන්නට පටන් ගැනීමෙන් පසුවද මෙයට සති කිහිපයකට පෙර ඔවුන් නිවේදනය කළේ එන්නතක් සොයාගැනීම ඇතුළු විවිධ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක (ලංකා රුපියල් බිලියන 20ක) මුදලක් වෙන් කරන බවයි.
 
වේගයෙන් පැතිරෙන බිහිසුණු වයිරසයක් නිසා මිනිස් සංහතියට එල්ල විය හැකි අනතුර ගැන මෑත කාලයේ අනාවැකි පළ කළ පාර්ශ්ව තව බොහෝමයක් වෙති.
 
වසංගත රෝග පිළිබඳ විශේෂඥයකු වන මයිකල් ඔස්ටර්හෝම් ද එවැන්නෙකි. 2005 තරම් අෑත කාලයක ඔහු පවසා තිබුණේ එය මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියක් බවයි. මීළඟ අධිවසංගතය සඳහා සූදානම් වීමට ඇති කාලය වේගයෙන් ඉක්ම යමින් ඇති බවත්, ඉතා සැලසුම් සහගත ආකාරයෙන් සහ ප්‍රබල ආකාරයෙන් ඒ සඳහා පියවර ගත යුතුව ඇති බවත් ඔහු එකල සඳහන් කර තිබිණි.
 
විශේෂයෙන් ඇමෙරිකාව ගැන සඳහන් කරමින් ඔහු 2017 වසරේද අනතුරු අඟවා තිබුණේ එවැනි දරුණු වසංගත තත්ත්වයකට මුහුණ දීම සඳහා ඇමෙරිකාව තවමත් සූදානම් නැති බවයි.
 
අද වනවිට ඇමෙරිකාව පත්ව සිටින අසරණ තත්ත්වය ගැන සලකා බලන විට ඔවුන්ගේ අනාවැකිවල වලංගුභාවය ඉතා හොඳින් තේරුම්ගත හැකි වේ.
 
සනත් වික්‍රමගේ
මව්බිම

Bill Gates lauds Taiwan's coronavirus response - Asia TimesBill Gates draws intense fire in coronavirus conspiracy theories ...Bill Gates in 2018: World needs to prepare for pandemics just like warBill Gates Makes Hopeful Predictions for Global Health | Time
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top