ජනප්‍රිය නිළි නයනා කුමාරි පිළිබඳව පසුගිය කාලය පුරා අන්තර්ජාලයේ විවිධ කටකතා පැතිරගියත් ඒවා සියල්ල බොරු බවට ඇය විසින් මේ වන වට පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙනවා.
හේතු මම දන්නෙ නැහැ. මම නම් ඒ වගේ බාල වෙබ් අඩවි දිහා ඇහැක් අරල බලන්නෙ නැහැ. ඒ වගේ ඕපාදූප වෙනුවෙන් වෙන් කරන්න මගේ ජීවිතේ කාලයක් නැහැ. ඒ මැති ඇමතිවරු රටේ ඉහළම පාලක පිරිස. ඒ අයටත් බොරු කතා පැතිරෙනවා නම් මගේ ගැන කථා පැතිරෙන එක අහන්නත් දෙයක්ද?
නයනාට නිතර තරහා යනවා නේද ?
විශේෂයක් නෑ.
මේ ආරංචි නිසා නයනාට රසික ආදරය අඩුවෙලා නැද්ද?
නැහැ මම හිතන්නෙ මිනිස්සු හරි බුද්ධිමත්. මානසික ලෙඩ්ඩු කරන කියන දේවල් විශ්වාස කරන්නේ තවත් මානසික ලෙඩෙක්ම විතරයි.මගේ රසිකයො ඒ වගේ ලෙඩ්ඩු නෙමෙයි.
පසුගිය කාලේ මේ කතා නිර්මාණය වුනේ අපලයක් නිසා වෙන්න බැරිද?
මං හිතන්නෙ ඒ අපල කාලයක් නෙමේ මගේ හොඳම කාලෙ කියලයි. මට නොමිලේ පබ්ලිසිටි ලැබුණා මොනයම් හෝ විදියකින්. ඒ නිසා ඒක අපල කාලයක් නෙවෙයි