ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව අප්‍රේල් 12වන දින මහනුවර දී රැළියක් පැවැත්වීමට ෆුල් ෆේස් නීතියට විරෝධී සංගමය මේ දිනවල කටයුතු සුදානම් කර තිබෙනවා.
එහි මාධ්‍ය ලේකම් හසිත කේෂාන් හිරු ගොසිප් වෙත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ පෙරවරුවේ ගන්නොරුවට එක්වන යතුරු පැදි කරුවන් මහනුවර නගරයට ගොස් විරෝධතා රැළිය පවත්වන බවයි.
ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ෆේස් බුක් ඔස්සේ එකතුවූ කුරුණෑගල සහ මහනුවර පිරිස් මීට එක්වීමට නියමිතයි.
රමිෂ්ක ශ්‍රීමාල් නැමති තරුණයකුගේ අදහසකට අනුව සිවු දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන සඳහා ක්‍රියාකාරීව එක්ව ඇති තරුණයන් පිරිස දස දහසකට අධිකයි.