මහමෝදර මහ රෝහලේ දී පසුගිය එකොළොස් වන දා උපත ලද දෙබිඩි දරුවන්ගෙන් එක් දරුවෙකුගේ මොළය මියගොස් තිබෙනවා.
අනෙක් දරුවා වෙන් කිරීමේ සැත්කම ආරම්භ කිරීමට ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරු තීරණය කර ඇති අතර එය මෙරට ඉතිහාසයේ බරපතළම සැත්කම විය හැකි බව ශල්‍ය වෛද්‍ය විශේෂඥ සතිෂ් විජේමාන්න මහතා පවසනවා.
මෙම දරුවන් දෙදෙනා උකුල් ඇටයෙන් සම්බන්ධ වී ඇති බැවින් ඔවුන් වෙන් කිරීම අපහසු කාර්යයක් බව වෛද්‍යවරුන් ගේ අදහසයි.
මේ සඳහා සහභාගි කරවා ගත යුතු වෛද්‍යවරුන් කවුරුන්ද, ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද යන්න සොයා බැලීම මේ දිනවල සිදුවන අතර ශල්‍යකර්මය සඳහා තවමත් දින වකවානු වෙන්කර නොමැති බවයි වාර්තා වන්නේ.