Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
24
ලෝක කුසලානයේ අවාසනාවන්ත දකුණු අප්‍රිකාව පිළිබඳව මතකයෙන් බිඳක්

- ලෝක කුසලානයේ අවාසනාවන්ත දකුණු අප්‍රිකාව පිළිබඳව මතකයෙන් බිඳක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

1992 පටන් මේ වනතුරු ලෝක කුසලාන 6 ක් දැනට අවසන් වී ඇත. ඒ හැම තරඟාවලියක් සඳහාම දකුණු අප්‍රිකාව සහභාගි විය. එම තරඟාවලි 6 දිම අවාසනවන්ත කණ්ඩායම ලෙස දකුණු අප්‍රිකාව හැදින්විය හැක.

1992 ලෝක කුසලානය ප්‍රබල ලෙස තරඟ වැදුණු දකුණු අප්‍රිකාව semi final දක්වා සුදසුකම් ලැබීය. දෙවන අවසන් පූර්ව තරඟයට සහභාගි වූ ඔවුන්ගේ ප්‍රතිවාදින් වූයේ එංගලන්තයයි. තරඟය ජය ගැනිම සඳහා එක අවස්ථාවකදි පන්දු 13ට ලකුණු 22ක් ලබාගත යුතුව තිබුණි. නමුත් විනාඩි 10 ක් පමණ වර්ෂාවක් නිසා තරඟය නතර කිරිමට සිදුවිය.. එවකට D/L method නොතිබු හෙයින් නැවත තරඟය ආරම්භ කරන විට ලකුණු 21 ලබා ගත යුතුව තිබුණේ එක් පන්දුවකටය. එලෙස 1992 ලෝක කුසලානයෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු විය.



1996 තරඟාවලිය සඳහා සහභාගි වූ දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව තරඟයේදි කොදෙව්වන් සමඟ තරඟ වැදුණි. එම තරඟයට සහභාගි වීමට කලින් තිබු තරඟ 10ක් ජයග්‍රහණය කර, ලෝක කුසලානයේ මූලික වටයේ තරඟ 5ම ජයගෙන අපරාජිත කණ්ඩායම ලෙස West Indies සමඟ තරඟයට පිවිසුනත් B. Lara 100ක් ගෙහුවෙ එක පන්දුවාරයකට ලකුණු 22ක් ලබා ගනිමින්ය.  අපරාජිත බව මෙන්ම තරඟාවලියෙන්ද ඉවත් වීමට ඔවුනට සිදුවිය.

1999 ලෝක කුසලානය එවක අවසන් කිරීමට සිදුවූයේ තවත් දුක්බරෙ ලෙසය. අවසන් පූර්ව තරඟය සඳහා සුදසුකම් ලැවූ ඔවුන් Australia සමඟ තරඟ කළේය. Lance Klusner ගේ දක්ෂතවය නිසා එක් ලකුණක් අවශ්‍යව තිබූ අවස්ථාවක දුවද්දී දැවී යාමක් නිසා තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය. නමුත් Australia Final සඳහා සුදසුකම් ලැබුවේ Super Six වටයෙදි ඔවුන් දකුණු අප්‍රිකා තරඟය ජය ගෙන තිබු නිසාය. එම තරගයෙදි Herchels Gibbs විසින් Steve Waugh ගේ උඩෙ පන්දුවක් අතහැරියේය. ඉන් පසු Waugh ලකුණු 100ක් ලබා ගෙන අප්‍රිකාව අතේ  තිබුණු තරඟය ජය ගත්තේය.

2003 ලෝක කුසලනයෙදි සත්කාරක රට ලෙස දකුණු අප්‍රිකාව Super Six වටයට සුදසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාව සමඟ මූලිකෙ වටයේ අවසන් තරඟය ජය ගත යුතුව තිබුණි. ශ්‍රී ලංකාව ලකුණු 268ක් ලබා ගත් අතර එම ඉලක්කය හොඳින් හඹා ගියේය. නමුත් වර්ෂාවෙන් තරඟයට අවහිරයක් විය. overs 45ක් අවසානයේ තරඟය ජය ගැනිම සඳහා ලකුණු  230ක් අවශ්‍යය වූ අතර 229ක් ලබා තිබියදි 45 පන්දු වාරයේදී අවසන් පන්දුව Boucher Block කළේ කඩුල්ලක් දැවි ගියහොත් ලකුණු  ප්‍රමාණය ඉහළ යන බැවිනි. Boucher දැනගෙන සිටියේ 229ක් ලබා ගතහොත් තරඟය දිනුම් යැයි කියායි. ඔහුට ලැබී තිබුණු පණිවුඩය 229ක් විය.. වර්ෂාව වැඩිවීමත් සමඟ තරඟය ඉතුරු පන්දු වාර 5 නොයවා නතර කළේය.. ඒ වන විට ලකුණු සම තත්වයේ පැවති අතර දකුණු අප්‍රිකාව Super Six සිහිනය බොඳ වූයේ වැරදි ගණනය කිරීමක් නිසාය.

2007 ලෝක කුසලානයේදී බංග්ලාදේශ් පරාජය විම නිසා අවසන් පූර්ව තරඟයට ඕස්ට්‍රේලියාව සමඟ තරඟ වැදිමට ඔවුන්ට සිදුවිය. 2011 ලෝක කුසලානය ජයගැනීමේ ප්‍රමුඛ කණ්ඩායමක් ලෙස තරඟාවලියට පැමිණි මොවුන් ඒ බව සනාථ කළේ සත්කාරක ඉන්දියානු කණ්ඩායම ඔවුන්ගේ රටෙදිම පරාජය කරමින් Group Stage වල  ප්‍රථම ස්ථානය ලබාගනිමින්ය. Quarter final වලදි නවසීලන්තයට එරෙහිව තරඟය පහුසෙවෙන් ජය ගන්නා ලකුණු පෙන්වූයේ පන්දු ඕවර 24 අවසානයේදි ලකුණු 108ක් ලබා ගනිමින්ය. නමුත් Jacob Oram ගේ අනගි පන්දු රැකීමෙන් Kallis දැවි ගිය අතර, ඔවුන්ගේ  අංක එකේ පිතිකරු ඩිවිලියර්ස් අවාසනවන්ත ලෙස දුවද්දී දැවී ගියේය. ඔවුන් අතේ තිබූ තරඟය පරජයෙන් අවසන් වූ අතර ලකුණු 222ක් හඹා යාමට ඔවුනට නොහැකි විය.

බොහෝ දෙනා කතා කරන නවසීලන්තයේ මහත්මා ගතියද එදා හොඳින් දැක ගත හැකි වූයේ AB run out වූ මොහාතේදීයි.  නවසීලන්තය Duplessis වාචික ලෙස බිම ඇද දැමුවේ AB run out වැරැද්ද ඔහු මත පටවමින්ය. දකුණු අප්‍රිකාව අවසනාවන්ත නොවේද? නවසීලන්තය හමුවේ අද දිනද ඔවුන්ට සිදුවූයේ එවන් දුක්බර සිදුවීමකි. ඔවුන්ගේ මෙම අපලය ඉදිරියේදී හෝ වෙනස් වේවායි අපි ප්‍රාර්ථාන කරමු.

සටහන දර්ශන නවරත්න
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top