මරදාන - පංචිකාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය ඊයේ (20) වැටලුවා. එහිදී සැකකාරියන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ - මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 18ත්, 52ත් අතර අය බවයි පොලීසිය සඳහන් කළේ. ඔවුන් බියගම, වැලිමඩ, සීදුව, තලංගම, දෙවිනුවර සහ රාගම ප්‍රදේශවල පදිංචිකාරිණියන්.