රොජර් සෙනවිරත්න මහණ වුනා කියන කතාව පසුගිය සතියේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුනු මාතෘකාවක් වුනා.
හොඳට හිටිය මනුස්සයාට මොකද මේ එකපාරටම වුනේ කියලා සමහරු ප්‍රශ්න කරන්නත් පටන් ගත්තා. කොහොම වුනත් මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා දැනගන්න ඕනි නිසාම අපි රොජර් සෙනවිරත්න සම්බන්ද කරගත්තා. එතකොට තමයි මේ කතාවේ ඇත්ත මොකක්ද කියලා ඔහු අපිත් එක්ක කීවේ.
සුසිල් ගුණසේකර කියල කලාකරුවා නිෂ්පාදනය කරන චිත්‍රපටයක් වෙනුවෙන් තමයි ඔහු මේ විදියට මහණවෙලා තියෙන්නේ. ඒ චිත්‍රපටයේ එන මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිගේ චරිතය වෙනුවෙන් රඟපාන්න තොරාගෙන තියෙන්නේ රොජර් සෙනවිරත්න. ඔහු කියන්නේ එම අවස්ථාව ලැබුණු එක විශාල පිණක් කියලයි.
ඒ අනුව ඔහු මෙම චරිතය රඟපෑම වෙනුවෙන් තාවකාලිකව පැවිදි වීමට නියමිතයි.
ඔහු රඟපාන අලුත්ම චරිතය ගැන අපිත් එක්ක කීව සම්පූර්ණ කතාව පහතින්....