මගීන් 125 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු රැගත් ඩෙල්ටා ගුවන් සේවයට අයත්, මගී ගුවන් යානයක් හිමකුණාටුවක් මැද නිව්යෝක් නුවර ගුවන්තොටුපලේ හිම මත ලිස්සා ගොස් තිබෙනවා.
ඇට්ලන්ටා සිට අභ්‍යන්තර ගුවන් ගමනක යෙදුණු මෙම ගුවන් යානය හිම මත ලිස්සා ගොස් එහි ඉදිරිපස කොටස ආරක්ෂිත වැටක ගැටී නතර වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ නමුත් අනතුරෙන් මගීන්ට හානියක් සිදුව නැහැ. මේ අතර, සුප්‍රකට හොලිවුඞ් සිනමා නළු හැරිසන් ෆෝඩ් ඔහු පදවාගෙන ආ ගුවන් යානය ලොස් ඇන්ජලීස් නුවර ගොල්ෆ් ක්‍රීඩාංගනයකට හදිසියේ පතිත වීමෙන් තුවාල ලබා තිබෙනවා.
එහෙත් 72 හැවිරිදි හැරිසන් ෆෝඞ් ට එයින් බරපතල තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. හැරිසන් ෆෝඞ් ප්‍රසිද්ධියට පත්වූයේ ඉන්දියානා ජෝන්ස් සහ ස්ටාර් වෝස් චිත්‍රපටවල රඟපෑමෙන්.