වයස අවුරුදු තුනක දරුවෙකු කොන්ක්‍රීට් කම්බියක් මතට ඇද වැටී එම කොන්ක්‍රීට් කම්බිය ශරීරය පසාරු කරගෙන ගොස් මාරාන්තික අනතුරකට ලක් වූ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
නදීම් නම් මෙම දරුවා ගොඩනැගිල්ලක තුන්වන මහලේ සෙල්ලම් කරමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
මෙම යකඩ කූර අඩි හයක් පමණ දිගින් යුතු අතර සිරුර හරහා යෑමේදී දරුවාගේ සිරුරට දැඩි හානියක් සිදු වුනත් ජීවිත හානියක් සිදු නොවී ඔහු බේරාගන්නට වෛද්‍යවරුන්ට හැකි වුණා.
අක්මාව ආසන්නයෙන් මේ කම්බි කූර ගමන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍යය වාර්තා කරන්නේ.
මේ අනතුර සිදු වූ ස්ථානයේ විදුලි කාර්මිකයෙක් සිට ඇති අතර ඔහු කම්බිය කපා දරුවා රෝහල්ගත කිරීමට උපකාරී වී තිබෙනවා.