ජනප්‍රිය නිළියක් වන මුතූ තරංගා සහ නිරූපන ශිල්පියෙක් වන ඇගේ පෙම්වතා නිශාන්ත ජයවර්ධන මුහුණු පොතට එක්කරපු මංගල ඡායාරූප කිහිපයක් පිළිබඳව මේ වන විට කතාබහට ලක්වෙනවා.
මෙලෙස උඩරට මනාලියක් ලෙස සැරසුණු ඇය පසුගිය දිනෙක නුදුරේදිම විවාහ වන බව දිගින් දිගටම පවසා සිටියා.
කෙසේ වෙතත් මෙම ඡායාරූප පළවීමත් සමග ඇගේ රසිකයින් පවා සිතා ඇත්තේ කාටත් නොකියාම මුතූ යුගදිවියට ඇතුලත් වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තාවුණේ මුතූ තරංගා සහ නිශාන්ත ජයවර්ධන දෙදෙනා එක්ව නිරූපන කටයුත්තක් සඳහා මෙලෙස මනාළ යුවළක් වුණු බවයි.