Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
01
"හාමුදුරුවන්ගේ අත් ගෑනු අයට අල්ලන්න හොඳ නෑ" - පෙර භවයේ පුරුද්දට මේ භවයෙත් මහණදම් පිරූ දරුවෙකුගේ කතාව - Photos

- "හාමුදුරුවන්ගේ අත් ගෑනු අයට අල්ලන්න හොඳ නෑ" - පෙර භවයේ පුරුද්දට මේ භවයෙත් මහණදම් පිරූ දරුවෙකුගේ කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

අස්ගිරි විහාරයට රැගෙන යන්න කියලා ඇවිටිලි කළාලු
 
පෙර ආත්මයේ හෘද රෝගයක් නිසා අපවත් වූ බව කියලා
 
දුමින්ද රත්නායක කුඩා කල සිටම සිය මාපියන්ට ඇවිටිලි කළේ තමාට මහණ වීමට අවැසි බව කියමිනි. ඔහු අවුරුදු දෙක සපිරෙන විට තම පෙරභවය පිළිබඳව වචනයෙන් පැවසුවා පමණක් නොව ක්‍රියාවෙන්ද කර පෙන්වන්නට විය. ඒ නිවසේ ඇති රෙදි කැබලි ගෙන සිවුරක් සේ ඇඟ වට දවටා ගනිමිනි.
‘හාමුදුරුවන්ගේ අත් ගෑනු අයට අල්ලන්න හොඳ නෑ’
 
කුඩා දුමින්ද දිනක් සිය මව තමාගේ දෑත් සේදීමට උත්සාහ දරන විට කියා සිටියේ මවද පුදුමයට පත් කරවමිනි. මේ අයුරින් දිනෙන් දින තම පෙරභවය පිළිබඳව කුඩා දුමින්ද තොරතුරු ඉදිරිපත් කරන්නට විය.
 
එහිදී දුමින්ද නිතර පවසා සිටියේ තමා පෙරභවයේ දී මහනුවර අස්ගිරිය විහාරයේ නාහිමිව වැඩ වාසය කළ බවය. ඒ හේතුවෙන්ම දෝ කුඩා දුමින්දට පාලි ගාථා පාඨ මැනවින් මතකයේ රැඳී තිබුණි. ඔහු ඒවා වටාපතක් ද තම මුහුණ ඉදිරියේ තබා ගනිමින් භික්ෂූන් වහන්සේ නමක් සේම සංයමයකින් යුතුව දේශනා කරන්නට ද විය. දුමින්ද නිතරම සිය මවට තමාව අස්ගිරි විහාරයට හා ඒ ආසන්නයේ ඇති මල්වතු මහා විහාරයට රැගෙන යන ලෙස ඇවිටිලි කළේ ය.


තවද දුමින්ද සිය නිවසට වඩා නිවස අසල පන්සලට ඇලූම් කළේය. පෝය දිනට ඔහු දෙතුන් වරක් මල් පූජා කිරීමට පන්සලට ගියේය. දුමින්ද තමාට ‘පුතා’ ලෙස නොව ‘පොඩි සාදු’ ලෙස අමතන්න යැයි මවට කීවේය. නිවසේ ඇති ඇඳුම් ගෙන සිවුරක් ආකාරයට ඇඟ දවටා ගනිමින් වටාපතක් ද ඉල්ලා සිටියේ ය. දුමින්දගේ වයසේ ළමුන් සෙල්ලම් ගෙවල් සාදන විට ඔහු නිවසේ පන්සලක් තැනීමට උත්සාහ කළේ ය. දුමින්ද කුඩා සතුන්ට සහ අන් අයට හිරිහැර කිරීමෙන් වැළකී සිටියේ තම පෙරභවයේ භික්ෂු ජීවිතයේදී පුරුදු පුහුණු කළ ශික්ෂණය ඒ අයුරින්ම රකිමිනි. කුඩා දුමින්ද සම වයස් ළමුන්ට වඩා ඉතා තැන්පත් හා නිවුණු ගති සිරිතෙන් ද යුක්ත විය.
 
දුමින්ද තම පෙරභවයේ මරණය පිළිබඳව පැවසුවේ මරණය යන වචනයට අපවත් වීම යන වචනය ආදේශ කර ගනිමිනි. ඔහු පැවසුවේ තමාගේ හෘදයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් බිම පතිත වූ පසු රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව තමා ‘අපවත්’ වූ බවය. තවදුරටත් දුමින්ද පැවසුවේ තමාට මුදල් බෑගයක්, රතු කාරයක්, අලියෙකු සහ රේඩියෝවක් ද තිබූ බවය. තමා පෙරභවයේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හට ඉගැන්වූ බවත් දුමින්ද පවසා සිටියේය.
 
1988 වර්ෂයේදී අයිස්ලන්ත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපීඨයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇලෙන්ඩ්‍රෝ හැරල්ඞ්සන් (Elendur Haraldsson) මහතා හට දුමින්ද රත්නායක මුණ ගැසෙන විට ඔහුට අවුරුදු 04 ක් පමණ විය. ලැජ්ජාශීලි චරිතක් වූ කුඩා දුමින්ද කිසිවක් නොපැවසූ නමුත් ඔහුගේ මව, අත්තම්මා සහ සීයා ඔහු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළේය. තවද ඔවුන් කියා සිටියේ ඔවුන් හට කිසිදු ඥාති සබඳතාවක් අස්ගිරිය විහාරය හා නොමැති බවත්, පවුලේ සියලූ දෙනාම අස්ගිරි විහාරය වැඳපුදා ගත්තේද 1987 වර්ෂයේ දුමින්දගේ ඉල්ලීමකට අනුව අස්ගිරි විහාරයට ගිය අවස්ථාවේදී බවත්ය.
 
මෙම තොරතුරු ඔස්සේ ගමන් කරන විට හෘදයේ වේදනාවකින් අපවත් වූ රතනපාල හිමි සමඟ යම් යම් තොරතුරු ගැළපුණද එම ස්වාමීන් වහන්සේ කෙදිනකවත් වටාපතක් භාවිත නොකළ අතර එම ස්වාමීන් වහන්සේ දේශපාලනයට ද ප්‍රසිද්ධව සිට ඇත. තවද මුදල් බෑගයක්, කාර් රථයක් වැනි දෑද හිමියන් සතුව නොමැති වීම හේතුවෙන් මහාචාර්ය හැරල්ඞ්සන් මහතා කුඩා දුමින්දගේ පෙරභවය හා රතනපාල හිමිගේ ජීවිතය නොගැළපෙන සේ සලකා තවදුරටත් තොරතුරු සොයා බලන්න විය.
 
එහිදී අස්ගිරිය මහා විහාරයේ මහනාහිමිව වැඩ විසූ සරණංකර නාහිමිගේ තොරතුරු හා කුඩා දුමින්දගේ තොරතුරු මැනවින් ගැළපිණි. එහිදී සොයාගත් තොරතුරු අනුව සරණංකර නාහිමියන් ද අපවත් වූයේ හෘදයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් බිම පතිත වී රෝහල්ගත කිරීමෙන් අනතුරුවය. තවද කුඩා දුමින්ද පැවසුවා සේ හිමියන් හට අලියෙකු සිට නොමැති අතර සරණංකර හිමිගේ ශ්‍රාවකයෙකු හට සිටි අලියෙකු පිළිබඳව දුමින්ද පවසන්නට ඇතැයි මහාචාර්ය හැරල්ඞ්සන් මහතා නිගමනය කළේය. දුමින්ද පැවසූ පෙරභවයේ රේඩියෝව පිළිබඳ මතකය සරණංකර හිමි සතුව තිබූ ග්‍රැමෆෝනය හා ගැළපීමට හැකි බවද මහාචාර්යවරයා කියා සිටියේය.
 
past2මෙම සිදුවීම් දාමයේ වැදගත් සිදුවීම වන්නේ පෙර ආත්මයේ උගත් පාලි පාඨ නිවැරැදිව මේ ආත්මයේදී භාවිත කිරීමයි. මේ හේතුවෙන් අන් සියලූ පෙරභවය හා බැඳුණු සිදුවීම්වලට වඩා මෙම සිදුවීමට සුවිශේෂි ස්ථානයක් ලැබීමට හේතු වී ඇත.
 
ඉන්පසුව අස්ගිරිය විහාරය හා සම්බන්ධ විහාරස්ථානයකදී කුඩා දුමින්ද පැවිදි දිවියට ඇතුළත් වූයේ මාපියන්ට දිගින් දිගටම කරන ලද ඇවිටිලි කිරීමක ප්‍රතිඵලයක් ලෙසය. අවුරුදු ගණනාවක පැවිදි දිවියෙන් අනතුරුව සිවුරෙන් නික්ම විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු අද වන විට පරිගණක සම්බන්ධ උපාධිධාරියෙකි. තවද ඔහු තරුණ පරපුර මත් උවදුරෙන් මුදා ගැනීමට කටයුතු කරන්නන් අතර ද ක්‍රියාකාරී සාමාජිකයෙකි.
 
- රන්මලී විජයරත්න
දිවයින


 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top