Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
03
ආරවුලක් හේතුවෙන් පොලිස් නිලධාරිනියක් වන තම පෙම්වතියව මරා ගිනි තියලා

- ආරවුලක් හේතුවෙන් පොලිස් නිලධාරිනියක් වන තම පෙම්වතියව මරා ගිනි තියලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"පෙම්වතාටත් එක්ක බත් පැකට්ටුවක් රැගෙන ගිහින්.."

"පෙම්වතියට හොරෙන් පෙම්වතා පිහියක් හා පෙට්‍රල් රැගෙන ඇවිත්.."

පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ සේවයේ නියුතුව සිටි 23 හැවිරිදි පොලිස් නිලධාරිනියක කපා කොටා ඝාතනය කර සිරුරට ගිනි තැබූ බව කියන ඇයගේ පෙම්වතා වන තුසිත නන්දන යන අය ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල අතිරේක මහෙස්ත්‍රාත් ඒ. ජිනදාස මහතා නියෝග කර තිබෙනවා.


මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ බදුල්ල හාලිඇල කැටවල පදිංචිව සිටි 23 හැවිරිදි චන්දිමා ප්‍රියදර්ශනී නමැති පොලිස්‌ නිලධාරිනියක බව පොලිසිය පවසයි.

චන්දිමා සහ සැකකාර නන්දන නමැත්තා අතර කාලයක පටන් පැවැති ආරවුල් කිහිපයක්‌ මෙම ඝාතනයට හේතුවී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මෙම ඝාතනයේ සැකකරු වන තුසිත නන්දන නමැත්තා හාලිඇල ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර නිලධාරියකු ලෙස සේවය කරමින් සිටින අයෙක් බව පැවසේ.

චන්දිමා සහ සැකකරු කාලයක පටන් පෙම්වතුන් ලෙස ඇසුරු කළ අතර ඔවුන්ගේ විවාහයට දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශිර්වාදයද ලැබී තිබෙන අතර චන්දිමා පොලිස්‌ සේවයට එක්‌වීම පිළිබඳව තුසිත නන්දන මහතා දැඩි විරෝධය පළකර තිබූ අතර ඔවුන් අතර ආරවුල් හට ගැනීමට එයද ප්‍රධාන හේතුවක්‌ වූ බව අනාවරණය වී තිබෙනවා.

චන්දිමා මීට වසරකට පෙර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ අතර වලාන දූෂණ මර්දන ඒකකයට ඇයට මුල්ම පත්වීම ලැබී තිබුණේ මීට මාස තුනකට උඩදීය. මාස තුනක කාලයක්‌ එකදිගට දූෂණ මර්දන ඒකකයේ රාජකාරි කළ ඇය මුල්ම නිවාඩුව ලබා හාලිඇල පිහිටි නිවසට පැමිණ සිටියදී මෙසේ ඝාතනයට ලක්‌ව ඇති බව පොලිසිය පවසයි.

චන්දිමාගේ මව ඇය කුඩා කාලයේදීම සැමියාගෙන් වෙන්වී වෙනත් විවාහයක්‌ කරගෙන ඇති අතර ඇය හැදී වැඩී ඇත්තේ තම මිත්තනියගේ සෙවනේදීයි . ඝාතනයට ලක්‌වන විට චන්දිමා සිය මිත්තනිය හා නැන්දණිය සමඟ හාලිඇල කැටවල නිවසේ පදිංචිව සිටි බවත් සදහන්.

පෙරේදා (01 වැනිදා) දහවල් යාබද ඥති නිවසක දානමය පිංකමක්‌ පැවැති අතර චන්දිමා සහ මිත්තනියද ඊට සහභාගි වී තිබෙන අතර සිය පෙම්වතාට දිවා ආහාරය සහිත පාර්සලයක්‌ රැගෙන ඇය තනියම නිවසට පැමිණ තිබෙනවා.

පසුව පෙම්වතාට දුරකථන ඇමතුමක්‌ ලබාදී දිවා ආහාරය රැගෙන යැමට නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබේනවා. නන්දන නමැත්තා හාලිඇල ප්‍රදේශයේ රජයේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිට ඇති අතර චන්දිමාගේ ඇරයුම මත ඔහු එදින දහවල් ඇගේ නිවසට පැමිණ තිබෙනවා.  ඒ අවස්‌ථාව වනවිට චන්දිමා තනිවම නිවසේ සිට ඇති අතර ඔවුන් අතර කිසියම් බහින් බස්‌ වීමක්‌ ඇතිව තිබූ බව විමර්ශන වලින් හෙළිවෙලා.

සැකකාර නන්දන නමැත්තා සිය පෙම්වතිය වන චන්දිමා ඝාතනය කිරීම සඳහා කල් තියාම පිහියක්‌ හා සිරුරට ගිනි තැබීමට පෙට්‍රල් බෝතලයක්‌ද රැගෙන ආ බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා. ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්‌ වීමකින් පසුව චන්දිමාගේ කාමරයේදීම සැකකරු ඇයට පහරදී කපාකොටා ඝාතනය කර පසුව ඇගේ සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබා පලාගොස්‌ තිබෙන බවයි සදහන් වන්නේ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top