Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
27
"අපේ ගෙවල්වලින් අකැමැති වෙද්දිත් මම එයාව විවාහ කරගත්තා, එයා රිය අනතුරකට ලක් වුණා.." - විශාකා සිරිවර්ධන

- "අපේ ගෙවල්වලින් අකැමැති වෙද්දිත් මම එයාව විවාහ කරගත්තා, එයා රිය අනතුරකට ලක් වුණා.." - විශාකා සිරිවර්ධනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"ඒක මගේ හිතට ලොකු කම්පනයක් ඇති කළා.."

"එයාව යාළු කරගත්තේ දිවුල් දීලා.."

විශාකා සිරිවර්ධන කියන්නේ රිදී තිරයේ කැමරාවට වගේම පුංචි තිරයේ කැමරාවට  ගැලපෙන චරිතයක්. බොහෝ චිත්‍රපටවලින් දකින්න ලැබුණු විශාකාව මේ දිනවල දකින්නේ හිරු රුපවාහිනියේ විකාශය වන අහස් මාළිගා නාට්‍යයෙනුයි. රතු අක්කාට පණපොවන විශාකා ගැනයි මේ.


විශාකා ඔයාගේ පවුලේ වටපිටාව සහ ඒ ගෙවුණු ළමා කාලය එක්ක අපි මේ කතාබහ පටන්ගමු..
මගේ තාත්තා පුවත්පත් කතෘවරයෙක් වගේම විදුහල්පතිවරයෙක්. තාත්තා ඩී.එස්. සිරිවර්ධන. අම්මගේ නම දෝන ලිසී සිරිවර්ධන. අම්මටයි තාත්තාටයි දරුවෝ නව දෙනෙක් හිටියා. මම ඒකෙන් හත්වෙනියා. මම ඉගෙනගත්තේ කටුපොත තිස්ස මහා විද්‍යාලයේ.

තාත්තා විදුහල්පතිවරයෙක්නේ... ඒ නිවසේදීත් තාත්තා නීතිගරුක කෙනෙක්ද?
තාත්තා විදුහල්පතිකම කළේ මගේ පාසලේනම් නෙමෙයි. තාත්තා අපිට එහෙම සැර චරිතයක් නෙවේ. හැබැයි අපි වැරදි කරන්නනම් බයයි. පාසැලේදී මට ගුරුවරියන් හරි ආදරෙයි. මම ක්‍රීඩා කළා. කලා කටයුතුවලටත් දක්ෂයි. බාලදක්ෂ කළා. හැබැයි හරි දඟයි.

නව දෙනෙක් හිටපු පවුලේ ඔබේ ළමා කාලය ගෙවුණේ කොහොමද?
මම පවුලේ හත්වෙනියා. ලොකු අක්කට වයස අවුරුදු දහ අට විතර වෙද්දී එයා විවාහ වුණා. එතකොට මම ගොඩක් පොඩියි. ඉස්සර අපි කට්ටියම එක පොදියට එකට හිටියා. ඇතිතරම් සෙල්ලම් කළා. ඒ කාලේ අපේ තාත්තාට මොරිස් 8 කාර් එකක් තිබුණා. ඒ කාර් එකෙන් අපි ඉස්කෝලේ ගියා. හැබැයි ඉඩ ලැබෙන හැමවෙලේම අපි ඇතිපදමට සෙල්ලම් කළා.

ඉස්කෝලේ යන කාලේදීම නේද විශාකා කලාවට එකතු වුණේ?
ඔව්නේ.. මම පළවෙනි අවුරුද්දේ උසස් පෙළ කළා. ප්‍රතිඵල හිතුවට වඩා මදි වුණා. ඒ නිසා දෙවැනි පාර ආයෙමත් විභාගය ගන්න පන්ති ගියා. ඔය යන අතුරතුරේදී අපේ නෑදෑවෙන කෙනෙක්ගේ ගෙදර ෆිල්ම් එකක් රෑගතකරනවා. ඉතින් ගමේ හැමෝම ඔය රූගත කරන තැනට ගිහින් බලාගෙන හිටියා. මායි මගේ යාළුවෝ දෙන්නෙකුත් පන්ති යනවා කියලා ගෙදරට කියලා අර රෑගතකිරීම් කරන තැනට ගිහින් බලාගෙන හිටියා. ඒත් සමාවෙන්න කියන චිත්‍රපටය. ඒකේ ප්‍රධාන චරිතයට රඟපෑවේ වසන්ති චතුරාණියි, ආනන්ද වික්‍රමගේයි.

එතකොට වසන්තිත් හොඳ තරුණ නිළියක්.. එහෙම නේද?
ඔව්.. ඔව්... ඒකනේ අපි ගිහින් බලාගෙන හිටියේ. අපි වගේම තරුණ කාලේ තමයි වසන්තිගෙත් ඒ. ඉතින් අපි එයා ළඟටම ගිහින් තමයි බලාගෙන හිටියේ. ඉතින් දවස් දෙකක්ම අපි ගෙදරට හොරා ගිහින් ඔය රූගතකිරීම් බලාගෙන ඉඳලා ක්ලාස් ඉවරවෙන වෙලාවට ගෙදර ගියා. ඉතින් දවසක් වසන්ති අපි තුන්දෙනාගෙන් ඔයාලගේ ගෙදර දිවුල් නැද්ද? කියලා ඇහුවා.

ඊටපස්සේ විශාකා වසන්තිට දිවුල් ගෙනත් දුන්නද?
ආයේ දෙකක් නැහැ. වසන්ති එහෙම අහපුගමන් අපේ ගෙදර තියෙනවා කියලා මම පැනලා උත්තර දුන්නා. හැබැයි අපි තුන්දෙනාගේ ගෙදර දිවුල් තියා දිවුල් ගහක්වත් තිබ්බේ නැහැ. පහුවදාම අපි කඩෙන් දිවුල් අරගෙන අපේ ගහේ දිවුල් විදිහට ගිහින් දුන්නා. එහෙම දීලා අපි වසන්තිව යාළුකරගත්තා.

එතකොට රඟපාන්න ආරාධනා ලැබුණේ කාගෙන්ද?
වසන්ති එක්ක කතා කර කර ඉඳිද්දී ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂක මිල්ටන් ජයවර්ධන මහතා රඟපාන්න ආසද? කියලා ඇහුවා. රඟපාන්න ආසයි. ඒත් අම්මලා දෙන්නේ නැහැනේ කියලා මම කියද්දී නංගි ෆොටෝ එකක් ගෙනත් දෙන්නකෝ ඔයාව රඟපාන්න දාන්න කියලා මට කිව්වා.

එතකොට අධ්‍යක්ෂකට ෆොටෝ එකක් දෙන්න විශාකා ගාව ෆොටෝ එකක් තිබ්බද?
නැහැ. නැහැ.. එහෙම දෙන්න ෆොටෝ එකක් තිබ්බේ නැහැ. පහුවදා උදේම ගෙදරට හොරා බොරුවට පොත් ටිකකුයි තව අඳුම් දෙකකුයි බෑග් එකට දාගෙන මායි අර යාළුවෝ දෙන්නයි ටවුමේ ස්ටුඩියෝවට ගිහින් ෆොටෝ ගත්තා. ඒ කාලේ ඇන්දේ බෙල් බොටම්නේ. ඉතින් ඒ බෙල් බොටම් එකක් ඇඳලා මොට්ටුවක් එහෙම තියලා එක ෆොටෝ එකක් ගත්තා. තව ෆොටෝ එකක් කොට ගවුමක් ඇඳන් ගත්තා. ඒ ෆොටෝ දෙක මම මිල්ටන් ජයවර්ධනට ගිහින් දුන්නා. ඔහු මාව තෝරගත්තා.

මේ හැමදෙයක්ම කළේ ගෙදරට හොර රහසේද?
ඔව්. ෆොටෝ දෙනතුරු ගෙදර කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ මම මගේ ලොකු අක්කට කියලා එයා මාර්ගයෙන් අම්මට කියලා කැමති කරගත්තා. තාත්තා කොහොමටත් කලාවට කැමති කෙනෙක්. ඒ නිසා තාත්තාගෙන් අකැමැත්තක් තිබුණේ නැහැ. ඔය කාලෙදී කිසිම චරිතයක් රඟපෑවේ නැතත් ගමේ හැමෝම මට නිළිය කියන්න පටන් ගත්තා. ඉස්කෝලේ යාළුවෝ මට නිළිය කිව්වා. ඔය කාලයේදී සිරි කුලරත්න කියන අධ්‍යක්ෂකවරයාගේ මල්ලි කෙනෙක් අපේ පන්තියේ හිටියා. ඒ වෙද්දී අධ්‍යක්ෂවරයා අලුතින් නිළියක් හොයමින් ඉඳලා තියෙන්නේ. කොහොමහරි අධ්‍යක්ෂවරයාත්, ඒ නිෂ්පාදකවරයාත් අපේ ගෙදරට ඇවිත් මට අනුරාධා කියන චිත්‍රපටයට ආරාධනා කළා. එතකොට මගේ උස 5’6’’යි. ඒ චිත්‍රපටයේ මම රඟපෑවේ මාලනී ෆොන්සේකා, එඩ්වඩ් ජයසිංහ සහ ජයසේකර අපෝන්සු සමඟයි.

ඒ කාලේ විශාකා හරි ජනප්‍රියයි නේද?
ඔව්.. ඔය කාලේදී මගේ විස්තර පුවත්පත්වල එකදිගට පළවුණා. මට මතකයි කැමරාවට නව මුහුණක්, ඇතුගලෙන් තවත් නිළියක් වගේ සිරස්තලවලින් විස්තර පළවුණා. ඊට පස්සේ සනසන්න මා කියන චිත්‍රපටයට මා තෝරගත්තා. ඒකේ මම රඟපෑවේ ප්‍රධාන චරිතයටයි. ඒක වර්ණ චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය ගොඩක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ මම එකදිගට චිත්‍රපට විස්සක විතර රඟපෑවා. ඔය අතරේ සුරදූතියෝ චිත්‍රපටය කරන අතරතුරේදී තමයි මගේ ජීවිතේ වෙනසක් ඇති වුණේ.

මොකද්ද ඒ වෙනස?
ඒ වෙනකොට මම ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙනයි තිබුණේ. ඒ ප්‍රේමය ඇති වුණේ මම මේ ක්ෂේත්‍රයට එන්නත් කලින් ඉඳන්මයි. හැබැයි මුලදී ඒ ප්‍රේමය අපේ ගෙවල්වලින් දැනගෙන හිටියේ නැහැ. එයත් අපේ ගෙවල් පැත්තෙමයි. මුලදී මම මේ ක්ෂේත්‍රයට යන්න ආසයි කියලවත් එයා දැනගෙන හිටියේ නැහැ. ෂූටිං යන්න හදද්දී තමයි එයා දැනගත්තේ. හැබැයි එයාගේ අකැමැත්තක් තිබුණේ නැහැ. එයාගේ නම ධර්ම සිරිවර්ධන. කොහොමහරි මම සුරදූතියෝ චිත්‍රපටය කරන අතර කාලයේදී එයාව රිය අනතුරකට ලක්වෙලා ලොකු අනතුරක් සිදුවුණා. ඒක මගේ හිතට ලොකු කම්පනයක් ඇති කළා. අපේ ගෙවල්වලින් අකැමැති වෙද්දිත් මම එයාව විවාහ කරගත්තා. මට මතකයි ඒ කාලේ මට විවාහ යෝජනා ගොඩාක් ආවා. සමහරු ගෙවල් හොයාගෙන පවා ඇවිත් මම ගැන විවාහ යෝජනා කළා. ඒත් මගේ හිත මෙයා ළඟ විතරමයි. හැමෝම අකැමැත්තෙන් මම විවාහ වුණත් මෙයාගේ ආදරය කිසිම අඩුවක් තිබුණේ නැහැ. මාව හරි ආදරෙන් බලාගත්තා. පහුකාලෙදි ගෙවල්වලින් අපිට ආශිර්වාද කළා.

වසර ගාණක් නිහඬව හිටපු විශාකා ආයෙමත් රඟපාන්න පටන්ගන්නේ කොහොමද?
මම අවුරුදු දහතුනක් දාහතරක් විතර නිහඬව හිටියා. ඔය කාලේදී මම ඇඳුම් සාප්පු ව්‍යාපාර සාර්ථකව කරමින් හිටියා. ඔය අතරතුරෙදී අපේ ව්‍යාපාර සොරු මංකොල්ල කෑම නිසා පාඩු සිද්ධ වුණා. ඒ නිසා ඒ හැමදෙයක්ම අතහැරලා අපි කලගෙඩිහේන ඉඩම අරගෙන ගෙයක් හදලා පදිංචි වුණා. ඔය කාලෙදී මාලනී ෆොන්සේනා මහත්මියත් මේ ප්‍රදේශයේ පදිංචියට ආවා. මාව මුණගැහුණු මාලනී අක්කා ආයෙමත් රඟපාමු නේද විශාකා.. කියලා කිව්වා. ඒ ආරාධනාවෙන් තමයි මම සඳ මඩල චිත්‍රපටයෙන් ආයෙමත් රඟපෑමට ආවේ.

මේ දවස්වල රතු අක්කට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති නේද?
ඔව්. ඔව්.. අහස් මාලිග ටෙලි නාට්‍යයේ රතු අක්කට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.  ඉතින් මම හරිම ආසාවෙන් අහස් මාලිගා නාට්‍යයේ රඟපානවා. ඒ අහස් මාලිගා කණ්ඩායමම මට මේ චරිතය කරන්න ගොඩාක් උදවු කරනවා.

විශාකා සිරිවර්ධන කියන්නේ රංගන ශිල්පිනියක් විතරක් නෙමේ. ගායන ශිල්පිනියකුත් වෙනවා?
ඔව්.. මගේ මුල්ම ගීතයත් වෙන්නේ අහස් මාලිගා කියලයි. මම මීට අවුරුදු පහකට විතර උඩදි තමයි සංගීත ප්‍රසංග වේදිකාවට එකතු වුණේ. ඉස්කෝලේ යන කාලයේදිත් මම සංගීතය හැදෑරුවා. පසුගිය කාලේ කැසට් එකක්, සී.ඩී තැටියක් පවා මම කළා. විදෙස් සංචාර බොහොමයකට ගිහින් තියෙනවා. දැනටත් මම ලංකාව පුරාම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා. ඉස්සර දවසකට ප්‍රසංග හත අටක ගීත ගායනා කරලා තියෙනවා.

ලැබෙන හැම චරිතයක්ම විශාකා බාරගන්නේ නැහැ. ඒ ඇයි?
නැහැ. කොහෙත්ම නැහැ. හැබැයි කියවෙන චරිතයක් කරන්න මම හරි ආසයි. රතු අක්කාත් ඒ වගේ චරිතයක්. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සුදු හාමිනේ කියන නාට්‍යයේ මම අවුරුදු අසූවක චරිතයක් පවා කළා. ඒවාගේ අභියෝගාත්මක චරිත කරන්න මම හරි ආසයි. යන රැල්ලට යන්න මම ආස නැහැ.

ගෙවුණු කාලය ගැන අද මොකද හිතෙන්නේ?
මම එදා ඉඳන්ම කලාවට හරි කැමතියි. කරදරයක් අසනීපයක් නොවුණොත් ඉදිරියේදීත් මැරෙනකල්ම රඟපාන්න මම ආසයි. ඇත්තටම කලාකාරිණියක වීම ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්.

දිශානි ජයමාලී
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top