කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් අද (10) ජල කප්පාදුවක් සිදුවෙනවා. ඒ අනුව පෙ.ව 8.30 සිට එදින ප.ව 6.30 දක්වා පැය 10 ක කාල සීමාවක් සඳහා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවනු ඇති.
ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ.
වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (10) දින ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව, අද පෙරවරු 9:00 සිට එදින රාත්‍රී 11:00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වීමට නියමිතයි.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටිනවා.