Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
02
අධිරුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ වලින් මිදෙන්නේ මෙහෙමයි

- අධිරුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ වලින් මිදෙන්නේ මෙහෙමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
අධිරුධිර පීඩනය (ප්‍රෙෂර්) යනු වර්තමානයේ බොහෝ අය භීතිකාවට පත් කරන තත්වයකි. එයත් සමගම අපට අසන්නට ලැබෙන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම පිළිබඳවයි.

කොලෙස්ටරෝල් වැඩි වන විට අධීරුධිර පීඩන තත්වයන් ඇති විය හැකි බැව් කව්රුත් දනියි.එමෙන්ම අධිරුධිර පීඩන තත්වය ඇතිවීමට බලපානුයේ කොලෙස්ටරෝල් වැඩිවීම පමණක් නොවේ. ඊට වෙනත් හේතුද ඇත.


ඒවා පිළිබඳ සාකච්ඡා කිරීම පසුවට තබා අධිරුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැඩිවීම අතර සම්බන්ධය පිළිබඳව තව දුරටත් කරුණු සලකා බැලීම වටී.

කොලෙස්ටරෝල් වැඩිවීම නිසා රුධිර පීඩනය වැඩි වන්නේ කෙසේද?

හෘදයේ පිටතට රුධිරය ගමන් කරන රුධිර නාල (ධමනි) වල අභ්‍යන්තර බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වේ. මේ නිසා එම රුධිර නාල වල අභ්‍යන්තර කුහරය සිහින් වේ. එවිට එම සිහින් වූ නාලයන් හරහා රුධිරය පෙරට වඩා වැඩි පීඩනයකින් ගලා යයි. මෙම ක්‍රියාවලිය ශරීරයේ වැඩි රුධිර නාල ප්‍රමාණයක සිදුවීමෙන් ඇතිවන මුලූ පීඩනය කෙලිින්ම බලපාන්නේ රුධිරය පොම්ප කිරීමේ කාර්යයේ නිරත වන හෘදයටයි. මෙලෙස කොලෙස්ටරෝල් වැඩි වූ අයෙකුගේ රුධිර පීඩනය කිහිප විටක් පරීක්‍ෂා කළ විට එය රසදිය මිලිමීටර් 130/85 ට වඩා වැඩි නම් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

කොලෙස්ටරෝල් වැඩිවීමෙන් ඇති භයානකම තත්වය ඉන් හෘදයට ඉතකා අහිතකර ලෙස බලපෑම් ඇති කිරීමයි. හෘද පේෂි වලට රුධිරය සපයන කිරීටක ධමනි වල අභ්‍යන්තර බිත්තියෙහි මෙලෙස කොලෙස්ටරෝල් තැන්පත් වේ. කාලයක් තිස්සේ හාදය තුල ඇති රුධිර නාල බිත්ති වල කොලෙස්ටරෝල් නම් මේදය තැන්පත් වී ඇතරෝමා නැමැති තෙල් කැටිද හට ගත හැකිය. ඒවා මගින් රුධිර නාල අවහිර වී ඉන් ඔබ්බට රුධිරය ගලා නොයයි.

ඒ හේතුවෙන් එම රුධිර නාල වලින් රුධිරය සැපයුනු හෘදයේ කොටස් වල ෙසෙල මිය යා හැකිය. එහි ප්‍රතිඵලය වන්නේ ඒ මොහොතේ පපුවේ තද වේදනාවක් ඇති වීමත් එම වේදනාව උරහිසට, අත් වලට හෝ බෙල්ල දෙසට විහිදී යාමත්ය. මෙම ක්‍රියාවලියේ දරුණුතම අවස්ථාවේදී හෘදයේ ක්‍රියාකාරිත්වය ඇණ හිට මරණයෙන් කෙලවර වන අවස්ථාද දක්නට ලැබේ.

මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවීමට තනි තනිව හිතා තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ තම තමන් සැලිකිලිමත් විය යුතුය. ඒ සඳහා වඩාත්ම සුදුසුම ක්‍රියා දාමය වුනයේ වයස අවුරුදු 35-40 ඉක්ම යන විට ආහාර පාලනය, ව්‍යායාම කිරීම සහ එමගින් අධික තරබාරුවද වළක්වා ගැනීමත්, නිරතුරුවම තම රුධිර පීඩනය පිළිබඳ අවධානයෙන් සිටීමත්ය. කොලෙස්ටරෝල් මට්ටම අනවශ්‍ය පරිදි ඉහල යාම කෙරෙහිද සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුය. මේ සියළු දෑ පිළිබඳ දැනුවත් වනවා මෙන්ම මෙම තත්වයෙන් මිදීමට නම් ඔබ යොමු විය යුතු සුදුසුම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දත යුතුය. ඒ ගැන සොයා බැලීමේදී ඔබට සතුටු විය හැකි කාරණාවක් තිබේ.

එනම් රුධිර පීඩනය වැඩි වීමට හේතු වන කාරණාවන් සොයා බලා එම හේතූන් මුලිනුපුටා දැමීමේ සුවිශේෂී ක්‍රම වේදයක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ තිබෙන නිසාවෙනි. වත්මනෙහි පවතින්නේ යම් කෙනෙකුගේ රුධිර පීඩනය වැඩිවූ විට ප්‍රෙෂර් පෙත්තක් බී එය අඩුකර ගැනීමේ ක්‍රමයකි. එම ක්‍රමය අනුව බොහෝ විට ප්‍රෙෂර් පෙති ජීවිත කාලය පුරාවටම ගත යුතු වේ. නමුත් දිගින් දිගටම ප්‍රෙෂර් පෙති ගැනීමෙන් අතුරු ආබාධ ඇති වන බවද දැන්නම් කවුරුත් පිළිගනියි. එබැවින් ප්‍රෙෂර් පෙති බී රුධිර පීඩනය පාලනය කිරීමට දිගින් දිගටම යොමු වීම සැබෑ ජයග්‍රහණයක් නොවේ.

නමුත් ආයුර්වේ වෛද්‍ය විද්‍යාව මීට හාත්පසින්ම වෙනස් වේ. එහිදී සිදුවන්නේ රුධිර පීඩනය පමනට වඩා අඩු හෝ වැඩි නම් ඊට හේතු සොයා බැලීමයි. රුධිර පීඩනය වැඩි වූයේ කොලෙස්ටරෝල් නිසා නම් කොලෙස්ටරෝල් වැඩි වූයේ කුමන හේතුවක් නිසා දැයි මෙහිදී සලකා බලයි.
බිත්තර කහමද, රක්ත වර්ණ මස් වර්ග සහ අධික ලෙස සත්ව තෙල් අඩංගු ආහාර ආදිය බහුලව පාරිබෝජනය කර සිරුර වෙහෙසා වැඩපල වල නොයෙදී සිටීම ඊට එක් හේතුවක් විය හැකිය.

නමුත් ඇතැම් නිර් මාශිකයින්ටද කොලෙස්ටරෝල් වැඩි වීමේ ප්‍රශ්නය පැන නැගී ඇත. එයට හේතුව කුමක්ද?

ආයුර්වේද මතානුකූලව මෙය විස්තර කරනවානම් මේ සියල්ලටම හේතුව ආහාර ජීර්ණයේ ඇති දෝෂ සහිත බවකි. අප ගන්නා සත්ව හෝ ශාකමය වූ ඕනෑම ආහාාර වර්ගයක විවිධ ප්‍රතිශත වලින් මේද කොටස් තිබේ. කොලෙස්ටරෝල් නිපදවන්නේ මෙම මේද කොටස් ජීර්ණයේදී ඇතිවන රසායනික පරිවර්තනයන් ගණනාවකිනි. කොලෙස්ටරෝල් යනු එක්තරා මට්ටමකින් රුධිරයේ තිබිය යුතු රසායනික පදාර්ථයන්ය. ඒවා හිතකර සහ අහිතකර ලෙසද පවතින ප්‍රමාණයන් අනුව ක්‍රියා කරයි. කෙසේ නමුත් සිරුරට අහිතකර අන්දමින් කොලෙස්ටරෝල් ඉහල යාමට හේතුව වන්නේ ශරීරයට සැපයෙන මේද කොටස් ජීර්ණයේදී අක්‍රමවත් හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයන්ට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙසය. එනම් එය සරලව කිවහොත් මුලින් කී පරිදි ජීර්ණයේ දෝෂ සහිත බවකි.

මෙම මේද කොටස් නිවැරදි ලෙස ජීර්ණය වූයේ නම් ශක්තිය ලෙස දේහ ක්‍රියාකාරිත්වයට වැඩ දායක වන අතර ඉතිරි ඒවා මල කොටස් ලෙස සිරුරෙන් බැහැර විය යුතුය. ශරිරයට අහිතකර ලෙස බලපාන මෙම ඇතැම් කොලෙස්ටරෝල් වර්ග ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල හඳුන්වන්නේ පිත්තස්නේහ ලෙසය. සැබැවින්ම මේවා නිවැරදි ආකාරයට දිරවූ මේද කොටස් නොවේ. එනම් බාගෙට දිරවූ ආහාර රසයකි. ඒවා ආම රසය (අමු ආහාර රසය) නම් වේ.

මෙම අහිතකර කොලෙස්ටරෝල් තත්වය හමුවේ ශරීරයට ඇතිවන උපද්‍රව ලෙස රුධිර පීඩනය වැඩිවීම, අනවශ්‍ය ලෙස තරබාරු වීම, සුලූ වැඩක් කල විට හෝ කෙටි දුරක් පයින් ගිය විට අධික මහන්සියක් දැනීම, අලස බව, නිදිමත වැඩිවීම හෝ නින්ද නොයාම, ඇඟපත රුදාව අදී ලක්‍ෂණ පහල වේ.

මෙවැනි අවස්ථාවලදී අප අනුගමනය කරන නිවැරදි ආයුර්වේද ප්‍රතිකර්ම පහත පරිදිය.ආම පාචක නම් වූ ඖෂධ යෙදීමෙන් රුධිර නාල හෝ ශරීරයේ ඕනෑම තැනක ඇති අහිතකර කොලෙස්ටරෝල් නැවත ජීර්ණය වීම හෙවත් දියවීම ආරම්භ වේ.

මෘදු විරේචන ඖෂධ මගින් ඒවායේ ඇතිි අහිතකර පදාර්ථ මල, මුත්‍ර හා දහදිය මාර්ග වලින් නිරන්තරයෙන්ම පිට කර හරිනු ලැබේ.
ඒ අතරම යොදන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මගින් ශරීරයට අලූතින් ලැබෙන මේද කොටස් නිවැරදි ආකාරයට ජීර්ණය වී ශක්තිය ලෙස ශරීරයට ලබා දෙයි.

මෙම ක්‍රියාදාමය මගින් කෙටි කලකින්ම රෝගීන්ට ඉතා සුවදායක තත්වයක් උදාවේ. මීට අමතරව මේ මගින් තවත් බොහෝ ක්‍රියාවන්ද සිදුවේ.
එනම් රෝගියෙකු රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් වැඩියි කියා පැමිණියද ඔවුන් ප්‍රතිකාර කිරීමට පෙර මේවාට අමතරව පවතින අනෙක් රෝග තත්වයන් පිළිබබඳවද පූර්ව විමසීමක් පුර්ණ අකාරයෙන් සිදු කිරීමයි. එවිටරෝගීන් පවසන බොහෝ දෑ ඇත. ඇතමුන්ට ඉහත තත්වයන්ට අමතරව දියවැඩියාව, ගැස්ට්‍රයිටීස්, අර්ශස්, පීනස, තුනටියේ අමාරුකම්, හිසේ කැක්කුම, ඇඟපත රුදාව, අත්පා හිරි වැටීම්, අධික ලෙස කේන්ති යාම, මළබද්ධය, වාතරක්තය හා විවිධ සමේ රෝග වැනි තත්වයන්ද අඩු වැඩි වශයෙන් ඇත.

එවිට නිවැරදිව ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරමින් එවිට එක තත්වයක් ගැන පමණක් සැලකීමකින් තොරව සියලූ තත්වයන් පිළිබඳ සකලා බලා ඒ ඒ පුද්ගලයින්ට ආවේණික වූ ඖෂධ රටාවන්ට යොමු කරීම මගින් එම තත්වයන් නිට්ටාවටම සුවකළ හැකිය.

එහෙත් වර්තමාන කාර්යබහුල ජීවන රටාව අනුව ආායුර්වේද ඖෂධ භාවිතා කිරීමට බොහෝ දෙනෙකු යොමු නොවන්නේ ඖෂධ වර්ග සෙවීම, තම්බා පිළියෙල කිරීම වැනි කාර්යයන් දුෂ්කර වන බැවිනි. නමුත් විශිෂ්ට ලෙස වෙද පරපුරක උරුමය ලද පෑලියගොඩ රන්පත වෙද මැදුරට පිවිසෙන ඔබට සැපයෙන ඖෂධ ගොනුවට කෂාය වර්ග තිබේ නම් ඒවා තම්බා පිළියෙල කළ බෝතල් ලෙසත් අනෙකුත් ඖෂධ පහසුවෙන් ඕනෑම කාර්යබහුල තත්වයකදී වුවද භාවිතා කල හැකි ලෙසත් ලබා දෙන්නේ ඔබේ පහසුව පිණිසමය.

(ජාතික පුවත් පතකින් උපුටා ගන්නා ලදී )
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top