නමුත් මේ තරගයේ වීරයා සම්මානය දිනා ගන්නට ශ්‍රී ලංකා දඟ පන්දු යවන අකිල ධනංජය සමත් වුණා. අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ප්‍රබල ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙකු ක්‍රීඩාගාරය වෙත ඉක්මනින් හරවා යවන්නට ඊයේ සමත් වුණා.
තවත් විශේෂිත වූ සිදුවීමක් වන්නේ අකිල ධනංජයගේ විවාහ උත්සවය තරගයට පෙර දිනයේ පැවැත්වීමයි.
කෙසේ වෙතත් විවාහ දිනයේ රාති යේ ශ්‍රි ලංකා කණ්ඩායම සමග එක්වීම අකිල මහනුවරට පැමිණ තිබුණා.
තරගයේ වීරයා සම්මානය දිනාගත් අකිල ඒ ගැන කිව්වේ මේ විදිහට.
‘‘ඊයේ වෙඩින් එක තිබ්බා. හරියට පුහුණුවීම් කරන්නත් බැරිවුණා. රෑ තමයි නුවර ආවේ. විකට් 6 ක් අරගෙනත් මැච් එක දිනන්න බැරිවුණු එක ගැන දුකයි. දින්නා නම් අද ගොඩක් සතුටින් යනවා.“
මේ අතර ඉන්දීය නායක විරාත් කෝලිද අකිල ධනංජයට විශේෂයෙන් සුබපතා තිබුණා.
වීඩියෝව පහතින්...