පහුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය පුරා සංසරණය වන එක් දියණියකගේ කතාවක් කාගේත් දෑසට කඳුළු උනන්නට සමත් වී තිබෙනවා. ඇය පවසන ආකාරයට ඇගේ විවාහ මංගල්‍යය දවසේම ඇගේ පියා මෙලොව හැර ගොස් තිබෙනවා.
ඒත් මේ මරණය පිටුපස සැඟවුණු අතිශය සංවේදී කතාව ඔබව මවිතයට පත් කරනු නිසැකයි.ඇගේ පියා පසුගිය වසර 10 පුරාම සිට ඇත්තේ එක්තැන්වයි. කතා කිරීමට පවා නොහැකිව සිටි පියා බලාගෙන ඇත්තේ ඇයත්, ඇගේ මව සහ අක්කාත් එකතු වෙලයි.
පවුලේ සියලු බර කරට ගෙන තිබුණේ ඇගේ අයියා වන අතර, ඔහු වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියදුරෙක්.
"අයියා ත්‍රීවීල් රස්සාව තෝරා ගත්තේ තාත්තට අසනීප වුණොත් ඕනෑම වෙලාවක ඉක්මනින් ගෙදර එන්න පුළුවන් නිසයි.."
"තාත්තේ මම ඉක්මනට බැන්දේ ඔයාව බලාගන්න."ඇය විවාහය ඉක්මන් කර ඇත්තේ පියා කෙරෙහි තිබුණු අපරිමිත ආදරය නිසයි.
ඇයට අවශ්‍ය වී ඇත්තේ විවාහ වී සැමියාගේත් සහය ඇතිව අසනීපව සිටින පියාට උපරිමයෙන් සලකන්නටයි. මංගල ඇඳුමෙන් සැරසී පිටත්ව යන මොහොතේ පියාගේ දෑස් කඳුළින් පිරී තිබුණු බවත්, "තාත්තේ මම ආපහු එනවා, අඬන්න එපා" කියා පවසා ඇය නිවසින් සමුගත් බවත් ඇය පවසන්නේ ඉකිගසමින්.
පුදුමය නම්, දියණිය මනමාලියක් වී නිවසින් පිටත්ව ගිය ඒ දවසේම සවස් යාමයේ පියා ජීවිතයෙන් සමුගැනීමයි. තම දියණියගේ විවාහය දකින තුරු මේ පියා වසර 10ක් තිස්සේ මරණය සමඟ සටන් කරමින් හුස්ම රඳවාගෙන සිට ඇති බවයි ඇය පවසන්නේ.