ඇය ගැන මේ දවස්වල මුහුණු පොත පුරා අලුත් කතාවක් පැතිරෙනවා. ඒ ඇයගේ ජනප්‍රියත්වය ගැන නෙවෙයි, ඇය මේ තාක් දුර එන්න ශක්තියක් වුණු ඇයගේ ආදරණීය දෙමාපියන් සහ සහෝදරයා ගැන ඇය දැක්වූ අතිශය සංවේදී අදහස් කිහිපයක් නිසා.
තමන්ගේ ජීවිතේ ළඟින්ම ඉන්නා චරිත ගැන කවීර්ණා පවසන්නේ ඉතාමත් ගෞරවයෙන්. “අම්මා, තාත්තා, මල්ලි තමා මගේ ජීවිතේ මට ළඟින්ම ඉන්න තුන් දෙනා. අම්මයි තාත්තයි තාමත් මාව අතඇරලා නෑ, කොහොමහරි මාව අල්ලගෙන ඉන්නවා" යනුවෙන් පවසන ඇය, අදටත් තමන්ගේ පවුල තමන් වෙනුවෙන් කැපවෙන ආකාරය සිහිපත් කරනවා.
කවීර්ණා පවසන පරිදි ඇයට තනියම ඕනෑම තැනකට යා හැකි වුවත්, ඇයගේ අම්මා අදටත් ඇය පසුපස හෙවණැල්ලක් මෙන් පැමිණෙනවා. ඒ ඇය කෙරෙහි ඇති අවිශ්වාසය නිසා නෙවෙයි, මේ රළු බාහිර ලෝකය ගැන අම්මා තුළ ඇති බිය සහ දියණිය කෙරෙහි ඇති අසීමිත සෙනෙහස නිසයි.
"මං තනියම යන්නම් කිව්වම අම්මත් එනවා නෑ මමත් එන්නම් කියලා. අම්මට මාව ගොඩාක් විශ්වාසයි. ඒ උනාට අම්මා බයයි මේ බාහිර ලෝකයට... දැන් අම්මා හෙවණැල්ල වගේ හැමතැනටම එනවා."
'රොන් සොයා' ටෙලි නාට්‍යයේ චරිතයටත් වඩා සැබෑ ජීවිතයේදී තම මව තමන්ගේ සමීපතම මිතුරිය වී ඇති බව ඇය පවසන්නේ ඉතාමත් සංවේදීවයි. රංගන ජීවිතයේ මුල් කාලයේ සියලුම ප්‍රවාහන කටයුතු පවා සොයා බලා ඇත්තේ ඇයගේ පියා විසින්. දැන් ඒ වගකීම අම්මා දෑතට ගෙන තිබෙනවා.
"ඇත්තටම මං ගොඩාක් පිං කරලා තියෙනවා මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ලබන්න" යැයි පවසන කවීර්ණාගේ මේ වදන් පෙළ අද කාලයේ තාරකාවියන්ට පමණක් නොව, හැම දියණියකටම ආදර්ශයක්.
මුහුණු පොත ඇසුරෙන්...