රන්වල ජන ගී කණ්ඩායම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ජාතික සංගීතයක් දේශීය චින්තනයක් උදෙසා දශක ගණනාවක් නිරන්තර අරගලයක නිරත වුණු ලයනල් රන්වලයන් ආරම්භ කළා වූ දෑ හිතකාමී පරපුරක් ගොඩනැගීමේ දුෂ්කර ක්‍රියාව අත් නොහැර ඒ මග යෑම එම පදනමේ අරමුණයි.
නීතීඥවරයෙකු වන සහන්ගේ ගම තලවතුගොඩය .කොළඹ අශෝක විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සහන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ හා මූල්‍ය පීඨයේ අලෙවිකරණ උපාධිධාරියෙක්. සහන් රාජ්‍ය ජන සංගීත හා ජනශෘති අණුමන්ඩලයේද සාමාජිකයෙක් වනවා.
අපි මේ කියන්න යන්නේ සහන්ගේ පුතා සෙත් කරපු අපූරු වැඩක් ගැනයි.
සහන්ගේ පුතා සෙත් රන්වලයි . ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන පුංචි පුතා බාලදක්ෂ සමූහයකට දුන් පෞද්ගලික තොරතුරු ලියුමක මෙහෙම සඳහන් වනවා.
"මගේ නම සෙත් රන්වල. මට වයස අවුරුදු 8යි. මම නර්තනය, ගායනය , රංගනයට වැඩි කැමැත්තක් දක්වමි. මගේ තාත්තා කරන ජන ගී වැඩ ඉදිරියට කරගෙන යාම මාගේ අනාගත බලාපොරොත්තුවයි". යනුවෙන් එම ලිපියේ සඳහන් වනවා.