රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියොත් පැය ගාණක් රස්තියාදු වෙන්න වෙනවා කියලා සමාජයේ මතයක් තිබෙනවා.
ඒ නිසාම රජයේ ආයතන ගැන මිනිස්සු අතරේ තියෙන්නේ හොඳ පැහැදීමක්නම් නෙවෙයි.
ඒ වගේම තමයි පොලිසිය ගැනත් සමාජය තුල තියෙන්නේ හොඳ මතයක්නම් නෙවෙයි.
පගා ගන්නවා එහෙමත් නැත්නම් රස්තියාදුව මේ වගේ දේවල් නිසා පොලිසියේ නම හුඟක් තැන්වලදි කැත වුණු සිද්ධි අපිට අහන්න දකින්න ලැබුණා.
ඒත් මේ මුහුණුපොතේ හුවමාරු වෙන හාත්පසින්ම වෙනස් කතාවක්.
කිතුල්ගල පොලිසියේ ස්ථානාධිපතිතුමා විසින් එම පොලිසියට සේවය ලබාගන්න පැමිණෙන ජනතාවට ලබාදුන් උපදේශයක් ගැනයි එහි දැක්වෙන්නේ.
" ඔබ පැමිණි කාරණය විනාඩි 15 ක් තුල ඉටු නොවුණේ නම් අවසරයකින් තොරව මා අමතන්න" යනුවෙන් කිතුල්ගල පොලිසියේ ප්‍රදර්ශනය කරලා තිබෙනවා.
මේ ගැන අහන්න අපි කිතුල්ගල පොලිසියේ ස්ථානාධිපති විජේරත්න මහතාට කතා කළාම ඔහු අපිට කිව්වේ පොලිස් නිලධාරීන් මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න ඕන කියලා වගේම පොලිසිය ගැන සමාජය තුල විශ්වාසයක් අතිකළ යුතු බවයි.
කොහොම වුණත් අද අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක මේ වගේ නිලධාරීන් සමාජයට වගේම රටටත් සම්පතක් කියලයි අපිටනම් හිතෙන්නේ.
