වව්නියාව A9 මාර්ගයේ භූ ඔය පාලම අසලදී ඊයේ උදෑසන - 27 දින, 5:30ට පමණ කැබ් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරින් කැබ් රියේ ගමන් කරන ලද 32 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය අයෝමි සුදේශිකා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
හදිසියේම ජීවිතය දාලා ගිය අයෝමිට සහෝදරියන් තිදෙනෙකුත් සිටිනවා.
වෛද්‍ය අයෝමි සුදේශිකා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් තම වෛද්‍ය උපාධිය ලබාගත් අතර, රාගම, පුත්තලම හා කළුබෝවිල යන රෝහල්වල සේවය කොට තිබෙනවා.
නුවරඑළියේ සිය ස්වාමි පුරුෂයාගේ අම්මා, තාත්තා සමඟ අයෝමී චාරිකාවක නිරතව නිවස බලා එමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
ඇය දැනට විවාහ වී මාස 15ක් පමණ වෙනවා.
එමෙන්ම ඇය කාගේත් හිත් දිනාගෙන අවංකව සේවයට කැපවුණ, සොඳුරු වෛද්‍යවරියකි.