රංගනයෙන්, ගායනයෙන් සහ තවත් කලා අංග රැසකින් මේ දිනවල රසිකයන් පිනවන තරුවක් තමයි මහේෂි මධුශංඛා කියන්නේ.
ඉතින් හිටි හැටියේම මහේෂියි, රුවන්ගි රත්නායකයි ආයෙමත් යාළුවො වෙලා කියලා ආරංචියක් ආවා.
එහෙනම් මේ දෙන්නා කලින් තරහවෙලා හිටියද ? ඉතින් මහේෂි මේ ගැන ඇත්ත නැත්ත සඳහන් කරලා සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වලා තිබුණා.
ඒ වගනේ සිය කලා කටයුතු ගැනත් එහිදී සඳහන් කරලා තිබුණා.
මහේෂි මේ දවස්වල සෑහෙන්න කාර්යබහුලයි නේද ?
ඔව්. ගොඩක්. මේ දවස්වල හිරු ටීවී Hiru Megastars නිසා සෑහෙන්න කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම සිතැත්තී සහ පැහැසරා කියලා අලුත්ම ටෙලි නාට්‍ය දෙකක වැඩ පටන්ගත්තා.
Hiru Megastars වේදිකාව නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
ප්‍රතිචාර හොඳයි. අපේ අය ඉන්දියාව ගැන හරි ලොකුවට හිතාගෙනනේ ඉන්නේ. එයාලා ලස්සනට නටනවා, ලස්සනට රඟපානවා වගේ කතා ගොඩක් අපේ අය කියනවා. නමුත් ඒ අය ඉදිරිපත් කිරිමකදී එක තැන කට් ගොඩක් ගන්නවා. අපි මේ වේදිකාවේ වන් ටේක් ඉදිරිපත් කිරීම් කරන්නේ. ඉතින් ප්‍රතිචාර හොඳයි.
එතකොට මහේෂි කියන්නේ ඉන්දියාවට වඩා ලංකාවේ ශිල්පීන් ඉස්සරහින් ඉන්නවා කියලද ?
ඔව්. අනිවාර්යයෙන්ම. අපිට සෑහෙන්න ඉදිරියට යන්න පුළුවන්. ඉන්දියාවේ වැඩවලට නිසි ගෙවීමක් කරනවා. අපේ රටේ එහෙම නෑනේ. අපිටත් ගෙවීම් හොඳ නම් මීට වඩා ලස්සනට වැඩ කරන්න තිබුණා. ඒ වගේම මීට වඩා සාර්ථක වෙන්නත් තිබුණා. පෙනුමෙන් වුණත් තවත් ලස්සන වෙලා හොඳට ඉන්න තිබුණා.
දැන් Hiru Megastars වේදිකාවේ වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ මහේෂිටද ?
මට එහෙමම කියන්න බැහැ. සාපේක්ෂව මටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපි හත්දෙනාම එක පවුලක් වගේ ඉන්නේ. හැමෝම හුඟක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. හත්දෙනාටම එක වගේම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
රංගනය, ගායනය සහ නර්තනය කියන තරග වටවලින් මහේෂි වැඩියෙන්ම කැමැති මොන අංශයටද ?
මම නර්තනයට ගොඩක් කැමැතියි. විශේෂ හැදෑරීමක් කරලා නැහැ. සිටි ඔෆ් ඩාන්ස් තරගයේ හිටියා. ඒ ඇරෙන්න නර්තනය ගැන වෙනම අත්දැකීමක් නැහැ.
එක චැනල් එකක වැඩකට හිර වුණාම අනෙක් චැනල්වල වැඩසටහන්වලට ආරාධනා ලැබෙන්නේ නෑ කියන්නේ ඇත්තද ?
මෙහෙමයි. කාලයක් එකට වැඩ කළාම ඒ චැනල් එකේම ඉන්න වෙනවා. මේ දවස්වල Hiru Megastars නිසා අපි ඉන්නෙම හිරු එකේ. සමහර වෙලාවට පදිංචි වෙලා ඉන්නවා වගේ. ඉතින් එහෙම වුණාම අනෙක් චැනල්වලින් කතා කළත් යන්න වෙන්නේ නෑ.
පහුගිය කාලේ නොහොඳ නෝක්කාඩුවෙන් හිටපු රුවංගියි, මහේෂියි දැන් යාළුයි කියන්නේ ඇත්තද ?
ඒක මෙහෙමයි. අපි අතරේ කිසිම තරහක් නෑ. නමුත් අපි කතා කළේ නැහැ. එහෙම වුණාම මිනිස්සු හිතුවේ අපි තරහ වෙලා කියලා. ඉතින් එයාලා කළේ අපි දෙන්නව දෙපැත්තේ ඉඳන් අවුස්සපු එක. අපි නම් එහෙම ඇවිස්සිලා ප්‍රසිද්ධියේ ගහමරාගෙන නෑ.
ඇත්තටම එහෙම කතා නොකර ඉන්න විශේෂ හේතුවක් තිබුණෙම නැද්ද ?
නෑ. අපි ඉතින් වැඩකදී හම්බ වුණේ නැහැ. ඒ නිසා වෙන්න ඇති කතා නොකළේ. මට කොහොමත් එහෙම විශේෂ යාළුවොත් නැහැ. මම හැමෝටම එක වගේ සලකනවා.
කතාබහ නොකරපු මහේෂියි, රුවංගියි කතාබහ කරන්න ගත්තෙත් Hiru Megastars නිසාද ?
ප්‍රෝග්‍රෑම් එක නිසා කතාබහ කළා නෙවෙයි. ඇත්තටම අපි අතර ප්‍රශ්නයක් නෑ.
එතකොට මහේෂි පසුගිය කාලේ මාධ්‍ය හරහා රුවංගිට දෙහි කැපුවා කියන්නේ බොරුවක්ද ?
ඒවා ඉතින් කට්ටිය කියන කතා. මම ඕන කෙනකුට කියන්න තියෙන දේ මූණටම කියනවා. මිනිස්සුන්ට ඕවා තේරෙන්නේ නෑ. එයාලා හිතන්නේ ඇත්ත කියලා.
මහේෂිට නිතර පේන්න වුවමනාවක් තියෙනවද ?
නැහැ. ඕනවට වඩා පේන්න හිටියම කිසිම අගයක් නෑ. මිනිස්සුන්ට වුණත් දැකලා දැකලා එපා වෙනවා. රඟපාන කාලෙදි වුණත් මම එක දිගටම රඟපාලා පොඩි විරාමයක් ගන්නවා.