මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් දැවැන්ත පෙරළියක් කරන්න සූදානම් වෙනවා.
දැන් 49 හැවිරිදි වියේ පසුවන ශකිරා, මෙවර අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නිල ගීතය ලෙස "Dai Dai" ගීතය ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. බ්‍රසීලයේ සුප්‍රසිද්ධ මාරකානා (Maracana) ක්‍රීඩාංගණයේ සිට විනාඩියක වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් (Instagram) වෙත එක් කරමින් ඇය මේ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
නයිජීරියානු ගායක Bua Boy ද හවුල් වන මෙම ගීතය එළඹෙන මැයි 14 වැනිදා නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතයි. මෙය ශකිරා විසින් ගායනා කරනු ලබන දෙවන නිල ලෝක කුසලාන ගීතය ලෙසයි සැලකෙන්නේ. ඇයගේ ලෝක කුසලාන ගමන ගැන කියනවා නම්,
2010: දකුණු අප්‍රිකාවේ පැවති තරගාවලිය වෙනුවෙන් අතිශය ජනප්‍රිය වූ 'Waka Waka' ගීතය.
2014: බ්‍රසීල ලෝක කුසලානය වෙනුවෙන් 'La La La' ගීතය ඉදිරිපත් කළ අතර, එහි සමාප්ති උළෙලේද ඇය එය ගායනා කළා.
2006: ජර්මනියේ පැවති ලෝක කුසලාන සමාප්ති උළෙලේදී ඇය 'Hips Don't Lie' ගීතයෙන් ප්‍රසංගයක් පැවැත්වූවා.
ඉතින් "Waka Waka" ගීතය වගේම මේ අලුත් "Dai Dai" ගීතයත් ලෝකයම උඩුයටිකුරු කරයිද කියලා බලන්න රසිකයෝ දැන් ඉන්නේ හරිම නොඉවසිල්ලෙන්...