නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් ලැබෙන තොරතුරු අනුව, මේ දිනවල වෙළඳපොළට ලැබෙන එළවළු ප්‍රමාණය විශාල ලෙස අඩු වී තිබෙනවා. "ඉල්ලුමට සරිලන සැපයුමක් නැති නිසා මිල පාලනය කරන්න බැහැ" යනුවෙන් එහි නිලධාරියෙකු අදහස් දක්වා සිටියා.
අද වෙළඳපොලේ අහස උසට ගිය මිල ගණන් මෙන්න,
සාක්කුවට ටිකක් අමාරු වුණත්, අද වෙළඳපොලේ එළවළු අලෙවි වන සිල්ලර මිල ගණන් පහතින් බලන්න,
බෝංචි කිලෝව- රුපියල් 500/-
කැරට් කිලෝව- රුපියල් 450/-
මාළු මිරිස් කිලෝව- රුපියල් 400/-
ලීක්ස් කිලෝව- රුපියල් 300/-
ගෝවා කිලෝව- රුපියල් 200/-
කැරට්, බෝංචි වැනි එළවළු කිලෝවක් රුපියල් 400-500 සීමාවට පැමිණීමත් සමඟ සාමාන්‍ය පවුලක දෛනික කෑම වේල පිරිමසා ගැනීම දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. "දැන් එළවළු ගන්නේ කිලෝ ගණන් නෙවෙයි, ග්‍රෑම් 100-200 ප්‍රමාණයට" යැයි පාරිභෝගිකයන් මැසිවිලි නගනවා.
මෙම මිල ඉහළ යාම උඩරට එළවළු වලට පමණක් නොව, පහතරට එළවළු වර්ග වලටත් පොදුවී තිබීම විශේෂත්වයක්. ඉදිරි දින කිහිපය තුළ සැපයුම යථා තත්ත්වයට පත් නොවුවහොත් මිල තවත් ඉහළ යා හැකි බවටයි වෙළඳපොළ ආරංචි මාර්ග පවසන්නේ.