රුසියාවේ සුප්‍රකට ගමලේයා ජාතික පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමක් විසින් පිළිකා මර්දන එන්නත් පර්යේෂණවල ඉතාමත් සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම එන්නත සාමාන්‍ය එන්නතකට වඩා හාත්පසින්ම වෙනස්. මෙය නිපදවා ඇත්තේ පුද්ගලීකරණය කරන ලද mRNA තාක්ෂණය සහ නියෝ-ඇන්ටිජන් (Neo-antigens) හඳුනාගැනීමේ නවීනතම ක්‍රමවේදයන් යටතේයි. සරලවම කිවහොත්, රෝගියාගේ සිරුරේ ඇති පිළිකා සෛල හඳුනාගෙන ඒවා විනාශ කිරීමට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පුහුණුවක් ලබාදීම මෙහිදී සිදුවනවා.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම දරුණු ගණයේ චර්ම පිළිකා හෙවත් මෙලනෝමා (Melanoma) රෝගීන් සඳහා මෙම එන්නත මගින් ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි. එන්නත ලබා දීමෙන් පසු ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා වේගයෙන් සක්‍රීය වී පිළිකා සෛලවලට එරෙහිව සටන් කරන බව ඔවුන් තහවුරු කරගෙන තිබෙනවා.
මෙය හුදෙක් විද්‍යාත්මක සොයාගැනීමක් පමණක් නොව, ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත පිළිකා රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මුවඟට සිනහවක් ගෙන එන සුපිරි පුවතක් ලෙසයි ජාත්‍යන්තර මාධ්‍ය මේ දිනවල මෙය වාර්තා කරන්නේ.
මෙම පර්යේෂණ තවමත් සායනික මට්ටමින් පවතින අතර, ඉදිරි කාලයේදී මෙය සාමාන්‍ය ජනතාව වෙත මුදා හැරීමත් සමඟ වෛද්‍ය විද්‍යාවේ දැවැන්ත පෙරළියක් සිදුවනු ඇති බවට සැකයක් නැහැ.