හැබැයි කඩවත ප්‍රදේශයේ මිශ්‍ර පාසලක සිසුන් පිරිසකට පසුගිය 29 වැනිදා මුහුණ දෙන්න වුණේ හීනෙකින්වත් නොහිතපු අවාසනාවන්ත සිදුවීමකට.
10 වැනි ශ්‍රේණියේ පන්ති හතරක සිසුන් විභාග ශාලාවේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියමින් ඉන්න අතරතුර, එම පාසලේ විනය භාර ආචාර්යවරිය එක්වරම ක්‍රියාත්මක වී තිබෙනවා. එහිදී පන්ති හතරේම සිසුන්ගෙන් දෙදෙනෙකු හැර අනෙක් සියලුම සිසුන්ගේ හිසකෙස් කපා දමන්නට ඇය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
දරුවෝ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියද්දීම ඔවුන්ගේ හිසකෙස් කපා පිළිතුරු පත්‍ර මතටම වැටෙන්නට සලස්වා ඇති බවත්, මෙය දරුවන්ගේ මානසිකත්වය බිඳහෙළීමට හේතු වූ බවත් දෙමාපියන් පවසනවා.
මේ සිදුවීමෙන් පසු නිවසට පැමිණි සිසුන් දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලාගෙන බාබර් සාප්පුවලට ගොස් ඇත්තේ කොණ්ඩය හරි ගස්සා ගැනීමටයි. නමුත් අක්‍රමවත් ලෙස කපා දමා තිබූ හිසකෙස් නැවත නිසි පරිදි සකස් කිරීම අපහසු බව පවසා බාබර්වරුන් පවා දොස් පවරා ඇති බවයි වාර්තා වෙන්නේ.
ගුරුතුමියගේ මේ අත්තනෝමතික ක්‍රියාවට එරෙහිව දෙමාපියන් දැඩි ලෙස කෝපයට පත්ව සිටිනවා. ඔවුන් මේ පිළිබඳව කැලණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර ඇති අතර, ගුරුවරියට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් සූදානම් වෙනවා.