අද මුළු සෝෂල් මීඩියාම කතා වෙන්නේ, ගිහි බැඳීම් අතහැරලා එකම දිනක ශාසනයට පූජා වුණු අපූරු පවුලක් ගැනයි.
අම්මා, තාත්තා, දුව සහ පුතා කියන මේ හතර දෙනාම තමන් සතු සියලු ලෞකික බැඳීම් අතහැරලා එකටම පැවිදි දිවියට ඇතුළත් වෙලා තිබෙනවා.
අද කාලේ දේපළ, සල්ලි සහ යාන වාහන වෙනුවෙන් පවුල් ඇතුළේ මරා ගන්නා මිනිස්සු ඉන්න ලෝකෙක, මේ පවුල මුළු ලෝකයටම පෙන්නලා දෙන්නේ අත්හැරීම ඇතුළේ තියෙන සැනසීමයි. එකම නිවසක එකට හිටපු ඔවුන්, අද එකම අරමුණක් වෙනුවෙන් සසුන්ගත වෙලා ඉන්නවා දැකීමත් හිතට ලොකු පිනක්.
