වර්තමානයේ අපිට දකින්න ලැබෙන දක්ෂතම රංගන ශිල්පිනියන් අතර ප්‍රමුඛතම තැනක් ගන්නා ඇයගේ රංගනයට වගේම ඇයගේ ඒ සුන්දරත්වයටත් ආදරය කරන විශාල රසික පිරිසක් ඉන්නවා.
නිවේදිකාවක, නර්තන ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසත් තමන්ගේ දක්ෂතාවය හැමදාමත් ඔප්පු කරන ශලනි, ඇයගේ මුහුණු පොත හරහා හරිම ලස්සන පින්තූර පෙළක් හුවමාරු කරගෙන තිබුණා.
ඇයගේ මේ අලුත්ම ඡායාරූප එකතුව දුටු බොහෝ දෙනෙක් පවසන්නේ ශලනි කියන්නේ ඕනෑම විලාසිතාවකින් ඉතාමත් ආකර්ෂණීය ලෙස පෙනී සිටිය හැකි නිළියක් බවයි. ඇයගේ සිනහව වගේම ඒ නිහතමානී පෙනුම මේ පින්තූරවලට අමුතුම ලස්සනක් එකතු කරලා තිබුණා.
බලන්නකෝ එහෙනම්, හැමෝම ආදරය කරන ශලනි තාරකාගේ ඒ සොඳුරු මතක එකතුව කොහොමද කියලා...
