හැබැයි රුසියානු ජාතික පාවෙල් තලන්කින් (Pavel Talankin) කියන අධ්‍යක්ෂවරයාට තමන් ලබාගත්ත ඒ රන් සම්මානය නිසාම අද වෙද්දී ලොකු ලතැවිල්ලකට මුහුණ දෙන්න වෙලා.
තලන්කින් තමන්ගේ 'Mr Nobody Against Putin' වාර්තා චිත්‍රපටයට ලැබුණු ඔස්කාර් සම්මානයත් අරගෙන නිව්යෝර්ක් ගුවන් තොටුපොළේ ඉඳන් ජර්මනිය බලා යන්නයි ඇවිත් තියෙන්නේ. ඔහු මේක තමන්ගේ අත් බෑගයේ (Carry-on bag) දාගෙන ගියත්, ගුවන් තොටුපොළේ ආරක්ෂක අංශ (TSA) මේකට ඉඩ දීලා නැහැ. ඔවුන් පවසා තිබෙන්නේ මේ සම්මානය "ආයුධයක්" විදිහට පාවිච්චි කරන්න පුළුවන් නිසා අත් බෑගයේ ගෙනියන්න දෙන්න බැහැ කියලායි.
ඔහු සතුව වෙනත් ගමන් මලු (Checked bag) නොතිබුණු නිසා ලුෆ්තන්සා (Lufthansa) ගුවන් සමාගම මැදිහත් වෙලා මේ සම්මානය වෙනම පෙට්ටියක බහා ප්‍රවාහනය කරන්න පියවර අරගෙන තියෙනවා. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ ඔහු ජර්මනියට ගිහින් බලද්දී සම්මානය සහිත පෙට්ටිය අතුරුදන් වෙලා තිබීමයි.
මේ සිදුවීම ගැන ලුෆ්තන්සා සමාගම තමන්ගේ කණගාටුව පළ කරලා තියෙනවා වගේම, මේ වටිනා සම්මානයට මොකද වුණේ කියලා හොයන්න දැන් පුළුල් අභ්‍යන්තර පරීක්ෂණයකුත් පවත්වනවාලු.
රුසියානු පාසල් පද්ධතිය ඇතුළේ යුද ප්‍රචාරණය ව්‍යාප්ත වන හැටි ගැන ඔහු කරපු මේ චිත්‍රපටය නිසා රුසියාවේ මේක තහනම් කරලයි තියෙන්නේ. ඒ නිසාම තලන්කින්ට තමන්ගේ මව්බිම දාලා යුරෝපයට වෙලා ජීවත් වෙන්නත් සිද්ධ වෙලා තියෙනවා.
අඟල් 13.5ක් උස, කිලෝග්‍රෑම් 4කට ආසන්න බරකින් යුක්ත මේ රන් සම්මානය කාගේ අතට පත්වුණාද කියලා දැන් මුළු ලෝකයම බලාගෙන ඉන්නේ.
මූලාශ්‍රය | බීබීසී