ඔහුගේ නිල මුහුණු පොත හරහා සිය ආදරණීය පවුල සමඟ ගත කළ ඉතාමත් සුන්දර විනෝද චාරිකාවක ඡායාරූප පෙළක් ඔහු ප්‍රේක්ෂකයන් සමඟ හුවමාරු කරගෙන තිබුණා.
දැන් පාසල් නිවාඩු කාලය නිසාම, තීක්ෂණ තමන්ගේ බිරිඳ සහ දරුවන් සමඟින් නිදහසේ කාලය ගත කරන්න මේ විනෝද චාරිකාව තෝරාගෙන තිබෙනවා. ඔහු පළ කර තිබූ ඡායාරූපවලින් පෙනී යන්නේ ඔවුන් ඉතාමත් සතුටින් සහ සැහැල්ලුවෙන් මේ ගමන විඳින බවයි.
ඡායාරූප පෙළත් එක්කම තීක්ෂණ හරිම සංවේදී වගේම ආදර්ශමත් සටහනක් ද එක් කරලා තිබුණා. ඔහු පවසා තිබුණේ මෙන්න මෙහෙම කතාවක්.
"තාම ඉස්කෝලේ නිවාඩු. මේ මාසේ මොන තරම් කාර්යබහුල වුණත් එයාලා වෙනුවෙන් එයාලා ආසා දේවල් වලට කාලය වෙන් කරනවා තරම් සතුටක් තව තියෙනවද.."
තීක්ෂණගේ මේ සටහන දුටු රසික රසිකාවියන් පවසන්නේ දක්ෂ කලාකරුවෙක් වගේම ඔහු ඉතාමත් වගකීම් සහගත, ආදරණීය පියෙක් බවයි. කාර්යබහුල ජීවිතය අස්සේ පවුලට මුල් තැන දීම ගැන බොහෝ දෙනෙක් ඔහුට සුබ පතා තිබුණා.
බලන්නකෝ එහෙනම්, තීක්ෂණගේ ඒ ආදරණීය පවුලේ සොඳුරු චාරිකාවේ ලස්සන පින්තූර එකතුව...

