Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
28
හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය කලාපයේ වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙස ගෝලීය සම්මානයට පාත්‍ර වෙයි !

- හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය කලාපයේ වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙස ගෝලීය සම්මානයට පාත්‍ර වෙයි !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

232 Views

මෙරට සුවහසක් ප්‍රේක්ෂක සහ ශ්‍රාවක ජනතාව අතර නිරන්තරයෙන් ගෞරවාදරයට පත් වන හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය තවත් සුවිශේෂී ජාත්‍යන්තර ඇගයීමකට පාත්‍ර වුණා.


ඒ අනුව කලාපයේ වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙස හිරු මාධ්‍ය ජාලය 'Global Recognition Awards' හි 2026 වසර සඳහා වන "ගෝලීය ඇගයීම් සම්මානයෙන්" පිදුම් ලැබුවා.

(https://globalrecognitionawards.org/winners/2026/asia-broadcasting-corporation-recognized-with-a-2026-global-recognition-award/)

ආසියානු මාධ්‍ය ජාලයට හිමිවූ මෙම ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම පිළිබඳව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වන ෆෝබ්ස් වෙබ් අඩවිය (https://forbesscotland.com/how-asia-broadcasting-corporation-built-sri-lankas-most-trusted-media-network/) සහ ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති ඒජන්සියක් වන රොයිටර්ස් පුවත් සේවය https://www.reuters.com/press-releases/asia-broadcasting-corporation-2026-award-media-leadership-south-asia-2026-04-24/ ද වාර්තා කර තිබෙනවා.

ලොව පුරා විවිධ ක්ෂේත්‍රවල වඩාත් නව්‍ය සහ කැපී පෙනෙන සමාගම් මෙන්ම නව දැක්මක් සහිත නායකයින් ඇගයීමට ලක් කරන Global Recognition Awards සම්මාන වැඩසටහන ජාත්‍යන්තරව පිළිගත් ලොව ප්‍රමුඛතම ව්‍යාපාරික සම්මාන වැඩසටහනක් ව්‍යවසායකත්ව, නවෝත්පාදන සමාගම් ඇතුළු ප්‍රධාන කාණ්ඩ 04ක් යටතේ සම්මාන පිරිනමමින් වසර ගණනාවක් තිස්සේ ලොව විශිෂ්ඨතමයින් අගයන මෙම සම්මාන උළෙල 2026 වසර සඳහා පවත්වනු ලබන්නේ නව තාක්ෂණය, සේවා විශිෂ්ටත්වය සහ උපායමාර්‌ගික නායකත්වය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්.
 
Global Recognition Awards සම්මානයෙන් ලෝක ප්‍රකට සමාගම් කිහිපයක්ම පිදුම් ලැබූ අතර ඒ යටතේ කෘත්‍රිම බුද්ධිය සහ ග්‍රැෆික් තාක්ෂණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් Nvidia ආයතනයත්, මොළය සහ පරිගණක අතර සිදු කළ තාක්ෂණික පෙරළිය වෙනුවෙන් Neuralink නියුරාලින්ක් ආයතනයත් සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම අභ්‍යාවකාශ තාක්ෂණයේ මෑතකාලීන දැවැන්ත පෙරළිකාරයෙකු බවට පත්වූ SPACEX සමාගමද Global Recognition Awards සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙම සම්මාන වැඩසටහනේදී හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය, ගෝලීය ඇගයීම් සම්මානයට පාත්‍ර වුණේ කලාපයේ වඩාත් විශ්වසනීය සහ බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙසයි.

ආසියානු මාධ්‍ය ජාලයට හිමි වූ මෙම ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීම පිළිබඳව ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති ඒජන්සියක් වන රොයිටර්ස් පුවත් සේවය මෙන්ම ලෝක ප්‍රකට ෆෝබ්ස් වෙබ් අඩවියත් වාර්තා කර තිබුණා.

දකුණු ආසියාව තුළ මාධ්‍ය ප්‍රමිතීන්, මාධ්‍ය නවෝත්පාදන සහ විශ්වසනීය ජනමාධ්‍යවේදයක් ප්‍රචලිත කිරීමට ආසියානු මාධ්‍ය ජාලය සිදුකර ඇති මෙහෙවරට ලැබුණු පිළිගැනීම රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙන අතර එම මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ලෙස රේනෝ සිල්වා මැතිතුමන්ගේ නායකත්වය හා කාර්යභාරය පිළිබඳවත් ඇගයීමට ලක් කර තිබෙනවා.

ලෝක ප්‍රකට ෆෝබ්ස් වෙබ් අඩවිය පළ කළ වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයම මාධ්‍ය ජාලය ලෙස හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ගොඩනැගීම සඳහා නායකත්වය දුන් එහි සභාපති රේනෝ සිල්වා මැතිතුමන්ගේ කාර්යභාරය අගය කර තිබුණා.

දශක 3කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික මාධ්‍ය ජාලය රේනෝ සිල්වා මැතිතුමන් විසින් ගොඩ නගා ඇත්තේ උරුමය හෝ ඒකාධිකාරයක් හරහා නොව සිය උපායමාර්ගික චින්තනය, නවීන තාක්ෂණය හා අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යාමේ ශක්‍යතාව පිළිබිඹු කරමින් බවයි එහි දැක්වෙන්නේ.

මෙම සම්මානය පිරිනැමීම පිලිබඳව Global Recognition Awards ආයතනයේ ප්‍රකාශක ඇලෙක්ස් ස්ටලින් පවසන්නේ " 2026 ගෝලීය ඇගයිම් සම්මානය හරහා ABC මාධ්‍ය ජාලය මෙලෙස ඇගයීමට ලක්වීම මාධ්‍ය ආයතනයක් විසින් සෑම අංශයකින්ම ගුණාත්මකභාවය, මහජන සේවය සහ විශිෂ්ටත්වය අඛණ්ඩව හඹා යාම වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැපවූ විට ලබාගත හැකි සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් බවයි.

උපාය මාර්ගික පැහැදිලි බව සහ මහජනතාව කෙරෙහි වූ සැබෑ වගකීමක් මගින් මෙහෙයවන විට විකාශන ක්ෂේත්‍රයේ නායකත්වයට ළඟාවිය හැකි ජයග්‍රහණ මොනවාද යන්න පිළිබඳව හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය පැහැදිලි උදාහරණයක් ලබාදෙන බවද ඔහු පවසනවා.

මෙරට ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය කලාව නව මානයකට ඔසවා තැබූ හිරු වෙත අඛණ්ඩව තබන අසම සම විශ්වාසය වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂක, ශ්‍රාවක ඔබට හිරු අපගේ ප්‍රණාමය...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top