2025 අ.පො.ස (උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට මැයි 19 දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඊට අදාළ ප්‍රතිඵල පසුගිය මාර්තු 31වැනිදා අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා.
2025 වසරේ උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වුණා.
විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 281,810ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 221,413ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 60,397ක් ඇතුළත්ය.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 176,527ක් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.