බොහෝ දෙනෙක් විවිධ කතා පැතිරවූවත්, මේ සම්බන්ධයෙන් නිවැරදිම තත්ත්වය කුමක්ද යන්න භානුක සිය නිල නිවේදනයක් හරහා පැහැදිලි කර තිබෙනවා.
භානුක පවසන්නේ මෙම ගැටලුව අධිකරණය හමුවේ විභාග වෙමින් පැවති නිසා තමන් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා නොකර නිහඬව සිටීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත්, දැන් එම සියලු ගැටලු සාර්ථකව විසඳී ඇති බව ඔහු තහවුරු කරනවා.
මෙහිදී විශේෂම කරුණ වන්නේ, මෙම සිද්ධියට අදාළව ඔහු සන්තකයේ තිබූ බඩු බාහිරාදිය විවෘත අධිකරණයේදීම ඔහු වෙත නැවත ලබා දුන් බව භානුක ප්‍රකාශ කිරීමයි. ඒ අනුව දැන් මෙම ප්‍රශ්නය අවසන් වී ඇති බවත්, තමන්ට දැන් නිදහසේ ඉදිරියට යාමට අවස්ථාව ඇති බවත් ඔහු පවසනවා.
"දැන් මට නිදහසේ ඉදිරියට යන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. මගේ සම්පූර්ණ අවධානය දැන් තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට සහ මගේ රට නියෝජනය කිරීමටයි." යනුවෙන් භානුක සිය නිවේදනය අවසානයේ සඳහන් කර තිබෙනවා.