ඒ, මේ වසරේ මැද භාගයේ සිට ලොව පුරා 'එල්නිනෝ' (El Niño) තත්ත්වයක් වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතින බවයි.
කාලගුණ විද්‍යාඥයින් පවසන පරිදි, මෙම තත්ත්වයත් සමඟ ගෝලීය උෂ්ණත්වය වෙනදාටත් වඩා ඉහළ යා හැකි අතර, වර්ෂාපතන රටාවන්ද සම්පූර්ණයෙන්ම වෙනස් වීමේ අවදානමක් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවලට දැඩි නියඟයක් ද, තවත් රටවලට දැඩි ගංවතුර තත්ත්වයන් ද ඇතිවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ මේ හරහා ඇතිවන උෂ්ණත්වය ඉහළ යාම මිනිස් සෞඛ්‍යයට මෙන්ම කෘෂිකර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල කළ හැකි බවයි. ලෝක ඉතිහාසයේ වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සහිත වසරක් ලෙස මෙය සටහන් වීමට ඉඩ ඇති බවටත් මත පළ වනවා.
සොබාදහමේ මේ වෙනස් වීමත් සමඟ ඉදිරි මාස කිහිපය තුළ අපටත් වෙනස්ම කාලගුණයකට මුහුණ දීමට සිදුවනු ඇති බව නම් නිසැකයි.