දේශගුණික විපර්යාස සහ අභ්‍යන්තර ගැටුම් මැද සෝමාලියාවේ මිලියන 6කට අධික පිරිසක් දැන් මරණයත් සමඟ සටන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මෙම අවාසනාවන්ත තත්ත්වයේ දරුණුතම ගොදුර බවට පත්ව ඇත්තේ එරට කුඩා දරුවන්. දින ගණනාවකින් අහරක් කුසට නොවැටුණු දරුවන් දැඩි මන්දපෝෂණ අවදානමකට මුහුණ දී සිටින අතර, ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ජාත්‍යන්තර ආධාර පවා ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උදා වී තිබෙනවා.
අඛණ්ඩව ඇද හැලෙන නියඟය නිසා සෝමාලියාවේ තණබිම් වේළී ගොස් අවසන්. මේ නිසා පශු සම්පත මත යැපෙන ජනතාවගේ එකම ජීවනෝපාය වූ ගවයින් සහ අනෙකුත් සතුන් දහස් ගණනින් මියයමින් පවතිනවා. පශු සම්පත් මත පදනම් වූ බොහෝ ව්‍යාපාර මේ වන විට මුළුමනින්ම කඩා වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.
දේශගුණික විපර්යාස හමුවේ අසරණ වූ මේ මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට ලෝකයම මැදිහත් විය යුතු කාලය එළඹ ඇති බවයි මානුෂීය සංවිධාන අවධාරණය කරන්නේ.