මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයෙකු සිය බිරිඳව මුදලට අලෙවි කිරීමේ පුවතක් දැන් මුළු රටම කැළඹීමට සමත් වී තිබෙනවා.
පොලිසිය පවසන පරිදි මෙම සැකකරු මීට වසර පහකට පෙර සිය වකුගඩුවක් රුපියල් ලක්ෂ 11ක මුදලකට අලෙවි කර එම මුදලින්ද මත්කුඩු පානය කර තිබෙනවා. එම මුදල් අවසන් වූ පසු මත්කුඩු මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමේ අරමුණින් ඔහු සිය බිරිඳව අසල්වැසියෙකුට විකුණා ඇති බවයි හෙළි වී ඇත්තේ.
වයස අවුරුදු 13, 12 සහ 10 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුගේ මවක වන මෙම 35 හැවිරිදි කාන්තාව පවසන්නේ, සිය සැමියාගේ බලපෑම මත අසල්වැසි පුද්ගලයා තම අතපය ගැටගසා අමානුෂික ලෙස අතවර කළ බවයි. මෙම දරුණු මානසික කම්පනය දරාගත නොහැකි වූ තැන ඇය මහනුවර වැවට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබෙනවා.
වැවට පැන දිවි නසා ගැනීමට තැත් කළ මෙම කාන්තාව වාසනාවකට මෙන් එම අවස්ථාවේ එතැන සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් බේරාගෙන තිබෙනවා. පසුව ඇයව අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදී ඇති අතර දැන් ඇය පේරාදෙණිය රෝහලේ මානසික රෝග වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. ඇය වෛද්‍යවරුන් හමුවේ මෙම සියලු තොරතුරු හෙළි කර ඇත්තේ ඉකිබිඳ හඬමින්.
රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ දරුවන් තිදෙනාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රෝහල් පාලනාධිකාරිය ළමා රක්ෂණ අධිකාරියට දැනුම් දී තිබෙනවා. එමෙන්ම බිරිඳ මුදලට විකුණූ සැමියා සහ ඇයට අතවර කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අලවතුගොඩ පොලීසිය මේ වන විට පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.