හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා මහතාගේ සුවිශේෂී සංකල්පයක් මත, ලංකාවේ අංක එකේ නාලිකාව වන හිරු ටීවී හරහා දිගහැරුණු මේ මහා මෞලි මංගල්‍යය මෙහෙයවනු ලැබුවේ ජනප්‍රිය තරු දෙපළක් වන සංජානා ගමආරච්චි සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි විසින්.
කවුරුත් බලාපොරොත්තුවෙන් හිටිය විදියටම 2026 හිරු අවුරුදු කුමරා ලෙස රෝෂන් දිලක්ෂිත සහ හිරු අවුරුදු කුමරිය ලෙස උපනි තිහාරා ගාල්ලගේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් අභිෂේක ලැබුවා. විශේෂයෙන්ම අවුරුදු කුමරිය වෙනුවෙන් නිර්මාණය කර තිබූ කිරුළ කාගේත් අවධානය දිනාගත්තේ එය රුපියල් ලක්ෂ 35කට වඩා වටිනා මැණික් ඔබ්බවන ලද අග්‍රගන්‍ය නිර්මාණයක් වූ නිසයි.
හිරු අවුරුදු කුමරා සහ කුමරිය දෙවන ස්ථානය තරින්ද සත්සර සහ දේවින්දි අසහායා දිනාගනු ලැබුවා.
ඒ වගේම හිරු අවුරුදු කුමරා සහ කුමරිය තෙවන ස්ථානය හංසිත ධර්මප්‍රිය සහ සෙත්නි විමායා දිනාගනු ලැබුවා.
මෙම තේරීම් කටයුතු සඳහා ප්‍රවීණ රංගන ශිල්පීන් වන සබීතා පෙරේරා, අමිල අබේසේකර සහ ඉරේෂා අසංකි ද සිල්වා එක්ව සිටියා. ජයග්‍රාහකයින්ට කිරුළු පැලඳවීම සහ උපහාර පිදීම සඳහා හිරු මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී විට්සන් සිල්වා මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වුණා.
සෑම ආරම්භයකටම අවසානයක් තිබුණත්, මේ ජයග්‍රාහී රාත්‍රිය කලා ලොවට අලුත් තරු කිහිපයක්ම දායාද කරමින් නිමාවට පත් වුණේ ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතක සටහන් ඉතිරි කරමින්.
කිරුළ දිනූ ඒ අභිමානවත් අවස්ථාවේ ඡායාරූප පෙළ මෙන්න..