සමාජ මාධ්‍ය පුරා දැන් වැඩිපුරම හුවමාරු වෙන්නේ මේ සුන්දර පවුලේ අලුත්ම අවුරුදු සේයාරූ පෙළයි.
රතු සහ සුදු වර්ණයෙන් හැඩවුණු දේශීය ඇඳුමින් සැරසුණු මාධවී සහ කසුන්, තමන්ගේ පුංචි පුතුගේ මුහුණේ මැවෙන ඒ සුන්දර හිනාවත් එක්ක ගතකරන අපූරු මොහොතවල් කිහිපයක් මෙහි සටහන් වී තිබෙනවා.
විශේෂයෙන්ම පුංචි කෛලාෂ්ගේ ඒ අහිංසක හිනාවට නම් බොහෝ දෙනෙක් වශී වී අවසන්. "සතුට කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි, මෙන්න මේ වගේ පුංචි පවුලක ආදරයයි" කියලා බොහෝ දෙනෙක් මේ ඡායාරූප වලට ප්‍රතිචාර දක්වා තිබුණා.
කලාවේ කාර්යබහුල වුණත්, ජීවිතයේ වටිනාම දේ තමන්ගේ පවුල බව මේ ආදරණීය යුවළ නැවතත් ඔප්පු කර තිබෙනවා. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින්, තමන්ගේ පුංචි කැදැල්ලේ ආදරය ලෝකයටම පෙන්වපු ඒ අපූරු ඡායාරූප පෙළ පහතින් නරඹන්න.
ඡායාරූප පෙළ මෙන්න..