සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් හැඳින්වෙන්නේ සුර්යාගේ සංක්‍රමණයයි. සුර්යා මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රමණය වන අවස්ථාව සම්බන්ධ කොට ගෙන සිංහල දෙමළ ජනතාවට ආවේනික චාරිත්‍ර විධි, සිරිත් - විරිත්, සංස්කෘතික ලක්ෂණ ක්‍රියාත්මක වීම හා කිරීම සිංහල අලුත් අවුරුද්දෙ සුවිශේෂත්වයක්.
නැකත් චාරිත්‍ර වාරිත්‍රවලට අනුව අද (14) අඟහරුවාදා පූර්වභාග 9.32ට අලුත් අවුරුදු උදාවෙනවා.
සුබ නැකැත්වලට අනුව අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීම අතීතයේ පටන් පැවති සම්ප්‍රදායක්. සිංහල දෙමළ සැවෝම මෙම චාරිත්‍ර වාරිත ඉටු කරනවා.
අවුරුදු නැකතට පෙර පුණ්‍ය කාලය ආරම්භ වෙනවා. එය 14 වැනි දා එනම් හෙට පූර්වභාග 3.08 සිට අපරභා 3.56 දක්වා පැවැත්වෙන බව නැකත් සීට්ටුව සඳහන් කරනවා.
පූන්‍ය කාලයේ සියලු වැඩ අත්හැර, ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය වන බව පුරාන අටුවාවල සඳහන් වෙනවා.
පුණ්‍ය කාලයේ අපර කොටසේදි ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම ආදි නැකත් චාරිත්‍රවල යෙදීම සුදුසුයි..
අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත හෙට 14 වැනි දා පූර්වභාග 10.51ට යෙදී ඇති බව නැකත් සීට්ටුවේ සඳහන් වෙනවා.
රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගත යුතුයි.
වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06ටයි.
රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්.
අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑම පච්ච වර්ණයෙන් හෙවත් කොළපාට වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිසාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත්ද තබා කොහොඹපත් මිශ්‍ර නානු සහ තෙල්ද හිස ගල්වා ස්ථානය කිරීමට සුදුසු යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වෙනවා.
පැලසිටුවීම 23 වැනි දා බ්‍රහස්තපතින්දා පූර්වභාග 9.01 රන්පැහැති වස්ත්‍රා භරණයෙන් සැරසී උතුරු දිසාව බලා පැලසිටුවීම සුදුසු බව ද නැකැත් සීට්ටුවේ සඳහන් වෙනවා.