පසුගිය 12 වනදා මෙහි සංචාරය කරන්න ගිය පුද්ගලයෙකු අතුරුදන් වීමත් සමඟ මුළු මහනුවරම උණුසුම් වුණා.
ඊයේ (අප්‍රේල් 12) පස්වරු 6:40 ට පමණ මහනුවර පොලීසියෙන් ලැබුණු හදිසි පණිවිඩයක් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාවේ 111 වන පාබල බලසේනාවට අයත් සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් වහාම ක්‍රියාත්මක වුණා. නිලධාරීන් දෙදෙනෙකු සහ සෙබළුන් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දැඩි අන්ධකාරය හා මීදුම නොතකා කන්ද තරණය ආරම්භ කළේ අතුරුදන් වූ පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමේ අදිටනින්.
හන්තානේ මීදුම සහ සීතල මැද රාත්‍රිය පුරාම හමුදා භට පිරිස් අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සිදු කළා. අඩි හෙලවෙන පටු මාවත් සහ ලිස්සන සුළු බෑවුම් මැද සිදුවූ මේ මෙහෙයුම සැබවින්ම සිනමාපටයක් වැනි ත්‍රාසජනක අත්දැකීමක් වුණා.
මුළු රටම අවුරුදු සිරියෙන් පිරී පවතිද්දී, අද (13) උදෑසන 7:45 ට පමණ සියලු දෙනාටම සහනදායී පුවතක් අසන්නට ලැබුණා. ඒ, අතුරුදන්ව සිටි පුද්ගලයා නිරුපද්‍රිතව සොයා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ බවයි. හමුදාවේ කඩිනම් මැදිහත්වීම නිසා මේ වටිනා ජීවිතය බේරා ගැනීමට හැකිවීම ගැන ප්‍රදේශවාසීන් වගේම සමාජ මාධ්‍ය පරිශීලකයින්ද සිය ප්‍රශංසාව පළ කරමින් සිටිනවා.