එකම ගමේ සහෝදරයෝ වගේ ඉන්න ඕන තරුණයෝ පිරිසක්, පරණ තරහක් පිරිමසා ගන්න ගිහින් අන්තිමේදී එක් තරුණයෙකුගේ ජීවිතය මේ ලෝකයෙන් සදහටම සමුගෙන තිබෙනවා.
පොලිසිය පවසන පරිදි මේ ගැටුම අද ඊයේ ඇති වුණු එකක් නෙවෙයි. එකම ගමේ පදිංචි තරුණයන් දෙදෙනෙකු අතර වසර කිහිපයක සිට පැවති පරණ කෝන්තරයක් තමයි මේ විදිහට ලේ වැගිරීමකින් අවසන් වෙලා තියෙන්නේ. කාලයක් තිස්සේ හිත ඇතුලේ හිර කරගෙන හිටපු ඒ වෛරය, අවසානයේ මහා පිපිරීමක් විදිහට එළියට ඇවිත්.
දෙපිරිස අතර ඇති වූ උණුසුම් වාද විවාද මැද, තියුණු ආයුධ අතට ගත් පිරිසක් අමානුෂික ලෙස පහර දී තිබෙනවා. එහිදී 27 හැවිරිදි තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
පහරකෑමට ලක්වූ තවත් තරුණයින් දෙදෙනෙකු මේ වන විට බරපතල තත්ත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.
සිද්ධියෙන් පස්සේ පලාගිය සැකකරුවන් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කළ අතර, ඒ අනුව මේ වන විට එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනෙක් පිරිස සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.