හඳ බලා යන මේ සුවිශේෂී ගමනේදී ඔවුන් ලබාගත් ඉහළ විභේදන සහිත ඡායාරූප මඟින් අපගේ නිවහන වන පෘථිවිය දිස්වන්නේ සැබවින්ම අදහාගත නොහැකි සුන්දරත්වයකින්.
යානයේ කවුළුවෙන් අභ්‍යවකාශයේ සිට පෘථිවිය එබිකම් කරන අයුරු දැක්වෙන පළමු ඡායාරූපය දුටු සැවොම පුදුමයට පත්වී ඇති අතර, මෙය සැබෑ කර ගැනීම සඳහා කැපවූ දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ හැකියාවට ලොවම ගෞරවය පුද කරනවා.
විශේෂයෙන්ම මෙහි දෙවන ඡායාරූපය ගැන කවුරුත් වැඩිපුර කතා වෙන්න පටන් අරන්. නිල් පැහැති සාගර සහ දුඹුරු පැහැති භූමි ප්‍රදේශයන් එකිනෙක යා වී මැවෙන වර්ණ රටා මැදින්, පෘථිවි වායුගෝලය ආලෝකමත් කරන කොළ පැහැති අරෝරා (Aurora) ආලෝකය ද එහි ඉතා පැහැදිලිව සටහන් වී තිබීමයි මෙහි ඇති විශේෂත්වය.
මෙම දසුන් දුටු බොහෝ දෙනා පවසන්නේ අප සියලු දෙනා මේ විශ්වයේ එකම නිවහනක වෙසෙන එකම සහෝදර ජනතාවක් බව මේ ඡායාරූප මඟින් නැවතත් මතක් කර දෙන බවයි.
එම අතිශය දුර්ලභ ඡායාරූප පහතින් නරඹන්න.