මේ අලුත් කාර්යාලය දැම්මේ නිකන්ම නෙවෙයි, හදිසියක් වුණාම ගිලන්රථයක් එනකන් බලන් ඉන්න කාලය තවත් අඩු කරන්නයි.
ඒ කියන්නේ, අපේ කෝල් එකක් ආපු ගමන් ඇම්බියුලන්ස් එක ලෙඩා ළඟට එන එක දැන් කලින්ටත් වඩා වේගවත් වෙනවා.
දිවයින පුරා තියෙන ගිලන්රථ මෙහෙයවන විදිය දැන් තවත් විධිමත් වෙනවා.
රෝගියෙක් ළඟට ගිලන්රථය ළඟා වෙන කාලය අවම කරලා, ගුණාත්මක සේවයක් දෙන්න මේකෙන් සහතික වෙනවා.
ගිලන්රථයයි රෝහලයි අතර තියෙන සම්බන්ධය අලුත්ම තාක්ෂණයෙන් තවත් ස්මාර්ට් වෙන්නයි යන්නේ.
ඒ අනුව ඉදිරියේදී මහජනතාවට හිමිවන හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවන්හි ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාස කරනවා.
සුවසැරිය සේවාව දැන් මීට වඩා ගුණාත්මකව සහ හරිම ඉක්මනින් අපිට ලැබෙන එක නම් විශ්වාසයි!
මේ වගේ වැදගත් වැඩ තවත් සිද්ධ වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.