Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
07
"ඔය ධර්ම දේශනාව අහන්න යන්න "දෙවෙනිට" තිබුණෙ පුදුම ආසාවක්.." කාගේත් ආදරය දිනාගත් ඇය අද සදහටම නිහඬ වෙලා.. ගමක් කම්පනයට පත්කළ ඇය ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..

- "ඔය ධර්ම දේශනාව අහන්න යන්න "දෙවෙනිට" තිබුණෙ පුදුම ආසාවක්.." කාගේත් ආදරය දිනාගත් ඇය අද සදහටම නිහඬ වෙලා.. ගමක් කම්පනයට පත්කළ ඇය ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,666 Views

මේ කියන්න අද දවසේ තවත් අසන්නට ලැබුණු හද කම්පා කළ පුවතක්.. 


“ඔය ධර්ම දේශනාව අහන්න යන්න "දෙවෙනිට" තිබුණෙ පුදුම ආසාවක්. එයා සුමානෙක විතර ඉදල ඇගිලි ගැන ගැන ඉඳල ගිය ගමනක් තමයි ඔය විදිහට කෙළවර වුණේ”
යැයි පානදුර, රත්නපුර ප්‍රධාන මාර්ගයේ කිරිඇල්ල, එපිටවල, 07 කණුව ප්‍රදේශයේදී ඉන්ධන බවුසරයකට යටවීමෙන් මියගිය ඩබ්. ඒ. ක්‍රිෂානි නවින්ද්‍යා කුමාරි තරුණියගේ (20) ගේ ඥාති සහෝදරියක වන තුෂානි ( 22 ) හඬමින් එසේ පැවසුවා.

ඉංගිරිය ගාමිණී මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පසුගිය 02 දා පැවති ධර්ම දේශනා පින්කමකට සහභාගි වීම සඳහා ඥාති පිරිසක් සමග ත්‍රීරෝද රථයකින් පැමිණෙමින් සිටියදී වංගුවක් ගැනීමේදී ඉංගිරිය දෙස සිට රත්නපුර දෙසට පැමිණි ඉන්ධන බවුසරයක ගැටීමෙන් ත්‍රිරෝද රථයෙන් විසි වී ගිය ක්‍රිෂානි සදහටම දෙනෙත් පියා ගත්තේ බවුසරයේ පිටුපස රෝදයට යට වීමෙන්.

අයගම, මදනගොඩ, බෙරලියාව ලිපිනයේ පදිංචි ඩබ්. ඒ. අජිත් ප්‍රසන්න කුමාර (51) හා එම්. විනීතා රෝහිනී (51) දෙපළට සිටි දරුවන් තිදෙනාගෙන් දෙවෙනියා වූයේ ක්‍රිෂානියි.

ඉංගිරිය ප්‍රදේශයේ ඇගළුම් ආයතනයක රැකියාව කරන නදීරා චමෝදනී (24) හා අයගම රාහුල මහා විද්‍යාලයේ 11 වසර පන්තියේ ඉගෙනුම ලබන සරුණි හරින්ද්‍යා (16) සහෝදරියන් සමඟ හැදී වැඩුණු ක්‍රිෂානිට කවුරුත් ආදරයට ආමන්ත්‍රණය කළේ "දෙවෙනි" යන සුරතල් නාමයෙන්.


අයගම රාහුල මහා විද්‍යාලයෙන් 11 වසර දක්වා අධ්‍යාපනය ලබා ගත් ඇය උසස් පෙළ සදහා ඇතුළත් වූයේ කලවාන ගාමිණී මහා විද්‍යාලයටයි. කලා අංශයෙන් බී සාමාර්ථ දෙකක් හා සී සාමාර්ථයක් සහිතව සමත් වුවත් සරසවි වරම් අහිමි වූ ඇය උත්සාහය අත් නොහැර නැවත වරක් විභාගයට පෙනී සිටියේ පසුගිය දිනවලයි.

කුරුදු තැලීම රැකියාව ලෙස සිදු කරන පියාට ශක්තියක් වීමට දළු නෙලීමේ කටයුතු මව විසින් සිදු කළේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමටයි. ඉන් ප්‍රයෝජන ගෙන කෙදිනක හෝ ගුවන් හමුදාවට බැදීමේ අරමුණින් සිටි ක්‍රිෂානි, දෙමව්පියන්ගේ බලාපොරොත්තු සඵල කිරීමට ගත් උත්සාහය නිශ්ඵල වූයේ නොසිතූ ලෙස මග මරුවෙකුට බිලි වීම නිසයි.

කුඩා කළ සිටම බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස කටයුතු කළ ඇය දරා ගැනීමේ හා ඕනෑම අභියෝගයට මුහුණ දීමේ ශක්තියෙන් යුතු දියණියක් බව අවට වැසියන් පැවසුවේ ඇගේ වියෝවෙන් දැඩි ලෙස කම්පා වෙමිණ්.

ඇරූපෝරුව සුමනාරාමය ආශ්‍රිතව කටයුතු කළ ක්‍රිෂානි දහම් පාසලේ අවසාන විභාගයටද පෙනී සිටි දක්ෂ සිසුවියක්. කථික තරග, දහම් දැනුම ඇතුළු දහම් පාසලේ මෙන්ම පාසලේ ද තරගවලට සහභාගි වී ඇති ඇය ඕනෑම කාර්යයකදී මූලිකත්වය ගෙන කටයුතු කළ සිසුවියක්.

ඇගේ වියෝව පිළිබඳ ඥාති සොයුරිය තුෂානි පැවසුවේ මෙවැන්නක්.


“මේ මියගෙස් ඇත්තේ මගේ තාත්තගේ අක්කගෙ දෙවැනි දුව. අපේ ගේ තියෙන්නෙත් මේ ළඟමයි. ඉතිං අපි කට්ටිය පොඩි කාලේ ඉඳලා හැදුනෙ වැඩුණේ සෙල්ලම් කළේ එකට. මේ නංගිට අපි ආදරේට කියන්නේ දෙවැනි කියලා. එයා විනෝදයට බර නිතරම හිනාවෙලා ඉන්න කෙනෙක්. ප්‍රශ්නයක් ආවම ලොකුවට ගණන් ගන්නේ නෑ. අපිට ප්‍රශ්නයක් වුණත් එයා තමා මැදිහත් වෙලා විසඳන්නේ. ගෑණු ළමයෙක් වුණාට කොල්ලෙක් වගේ අඳින පළඳින වැඩ කරන කෙනෙක්. අපේ පවුල්වල හැමෝටම හයියක් වෙලා හිටියෙ මේ නංගි තමයි. එයා සත්තුන්ට හරි ආදරෙයි. සතෙකුට ලෙඩක් හැදුනහම කවන්නේ පොවන්නේ බෙහෙත් කරන්න නාවන්නේ නංගි තමයි.

ඉංගිරිය ගාමිණි මහා විද්‍යාලයේ ග්‍රවුන්ඩ් එකේ ධර්ම දේශනාවක් තියෙනවා කිව්වහම ඒකට යන්න ඇගිලි ගැන ගැන පුදුම ආසාවකින් තමයි එයා හිටියේ.
ගේ ළඟ ගෙදර අයියා බැඳපු අක්කා ඉංගිරියෙ කෙනෙක්. එයා තමයි ඔය ගැන මුලින්ම කිව්වේ. ඒ අක්කල දන්න කෙනෙක් තමයි එහේ ඉඳලා ත්‍රීවිල් එක අරගෙන මෙහේ ආවේ මෙයාලව එක්ක යන්න. ඒ ත්‍රිවිල් එකත් වෙන කෙනෙකුගෙන් ඉල්ලගෙනලු ඇවිත් තියෙන්නේ.

ඒ අක්කයි අක්කගේ අවුරුද්දක් විතර වයස බබයි අක්කගෙ නංගියි මල්ලියි එක්ක තමයි අපේ නංගි ඔය ගමන ගියේ. ත්‍රීවිල් එකේ ඉඩ නැති හින්දා අපි කවුරුත් ගියේ නෑ. රෑ බණ ඉවර වෙලා අක්කලගෙ මහගෙදර නතර වෙලා පහුවදා උදේ ආපහු එන්න තමයි කට්ටියම කතා වෙලා හිටියෙ. හවස 4.10 විතර තමයි මෙහෙන් පිටත් වුණේ. පානදුර රත්නපුර පාරේ කිරිඇල්ල, එපිටවල හරියෙ දි තමයි මේ දේ වෙලා තියෙන්නේ. 5.10ට විතර ඇති අපි මේක දැන ගන්න කොට. අනේ අපේ නංගි එතනම නැතිවෙලාලු. පොඩි බබාට විතරයි තුවාල නැත්තෙ. අනිත් අය ඉස්පිරිතාලේ. මෙහෙම දෙයක් වෙයි කියලා කාටවත් හිතුනෙ නෑ එදා. කොහොම වුණත් මේ අඩුව පුරවන්න බෑ දැන් ඉතින් කාටවත්.


නංගි හරියට යාළුවො අතර ජනප්‍රියයි. එයා ගිය ඉස්කෝල දෙකේමයි වෙන පංතිවල යාළුවොයි දැනගත්ත වෙලාවෙ ඉඳන් ගෙදර පිරිලා. බාලදක්ෂ කණ්ඩායම එයා වෙනුවෙන් ගොඩක් වැඩ කළා. එයාගේ යාළුවො දකින කොට අපි කොහොමද එයා නෑ කියලා හිත හදාගන්නෙ. මෙහෙම දුකක් නං දැනෙන්න එපා කාටවත්ම”

මාසයකට පමණ පෙර උසස් පෙළ විභාගයට පෙනී සිටි ක්‍රිෂානි කෙදිනෙක හෝ ගුවන් හමුදාවට බැදීමට සිහින මවමින් සිටියත් ඒ සියල්ල අද සුණු විසුණු වී ගොස් අවසන්ය.
යෞවනයේ සොඳුරු යුවතියක වූ ක්‍රිෂානි ඉකුත් (05) වැනිදා පවුලේ සුසාන භූමියේදී මිහිදන් වන්නේ රියැදුරකුගේ එක් තත්පරයක අතපසු වීමකින් සිදුවිය වූ විනාශය කොතෙක්දැයි ලොවටම පෙන්වා දෙමින්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top