පාසල් බිත්තියක බැඳ තිබූ යෝධ බඹර කූඩුවක් හදිසියේම ඇවිස්සීම නිසා මුළු පාසල් පරිශ්‍රයම එකම යුධ පිටියක් බවට පත් වුණා.
පාසල් කටයුතු අතරතුර ක්‍රියාත්මක වූ බඹර රැල, දරුවන් පසුපස හඹා ගොස් දෂ්ට කර තිබෙනවා. මෙහිදී සිසුන් 100කට අධික පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර, දැඩි අසාත්මිකතා පෙන්නුම් කළ සිසුන් 39 දෙනෙකු මේ වන විටත් කිළිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා පාසල් බලධාරීන් වහාම ක්‍රියාත්මක වී ඇති අතර, අනතුර තවදුරටත් පැතිරීම වැළැක්වීමට පාසල වසා දැමීමට තීරණය කර තිබෙනවා. කුඩා දරුවන් ආරක්ෂිතව දෙමාපියන් වෙත භාර දීමටත්, අනෙක් සිසුන් නිවෙස් බලා පිටත් කිරීමටත් ගුරුවරුන් පියවර ගත්තා.
"එකපාරටම ආපු බඹර රංචුව දරුවෝ පස්සේ එළවන්න ගත්තා, මුළු ඉස්කෝලේම කලබල වුණා." - සිද්ධිය ඇසින් දුටුවෙක් පවසයි.