Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
05
"යන්න මගේ පුතේ, බය වෙන්න එපා. මම ඔබ යන දිහා බලාගෙන ඉන්නවා. ඔබ සොබාදහමේ දරුවෙක්" මිනිස් මවකගේ තුරුලේ වැඩී වනගත වූ ග්‍රීන්..

- "යන්න මගේ පුතේ, බය වෙන්න එපා. මම ඔබ යන දිහා බලාගෙන ඉන්නවා. ඔබ සොබාදහමේ දරුවෙක්" මිනිස් මවකගේ තුරුලේ වැඩී වනගත වූ ග්‍රීන්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,262 Views

සොබාදහමත් මිනිස්කමත් එක්වුණු සමහර කතා ඇත්තටම ගොඩක් ලස්සනයි.

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් විශේෂ කතාවක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද..?


නිරිතදිග චීනයේ තණබිම්වල මියයමින් සිටි වෘක පැටවෙකු බේරාගෙන හදාවඩාත්, චීන වනජීවී කලාකාරිනියක වන ලී වෙයීයි සහ ඇගේ වෘක පුත්‍රයාගේ වනගත ගමන ඇතුළත් Retu to the Wolves වාර්තා චිත්‍රපටය, මෑතකදී නැවතත් මහත් අවධානය දිනාගනිමින් චීන සමාජ මාධ්‍ය ජාල තුළ බිලියන 2.8ක නරඹන්නන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව තිබෙනවා.

2017 වසරේ නිකුත් වූ මෙම සිනමාපටයට පාදක වූ ලී වෙයීයිගේ සහ ග්‍රීන් නමැති වෘකයාගේ සත්‍ය කතාව ආරම්භ වූයේ මීට දශකයකටත් ඉහත කාලයකදීයි.

2010 අප්‍රේල් මාසයේදී සිචුවාන් ප්‍රාන්තයේ සොයිජ් ප්‍රෙයිරී හි සිතුවම් අඳිමින් සිටියදී ලී හට දින පහක් වයසැති මෙම වෘක පැටවා හමු වී තිබුණා. මිනිසුන් විසින් උගේ දෙමාපියන් මරා දමා තිබූ අතර, පැටවා ගල් කුහරයක් තුළ සැඟවී සිටියා.

හාත්පස පැතිරුණු තණබිම්වල වර්ණය සහ ග්‍රිම් සහෝදරයන්ගේ කතා සිහිපත් කරමින් ලී මෙම පැටවාට ‘ග්‍රීන්’ (කොළ පැහැය) ලෙස නම් තැබුවා. එම ප්‍රදේශයේ සත්ත්ව සත්කාර පහසුකම් අවම වීම නිසා ලී විසින් ග්‍රීන්ව චෙන්ග්ඩු හි පිහිටි ඇගේ නිවසට රැගෙන ආවා. ඇය සහ ඇගේ එවකට පෙම්වතා වූ ඡායාරූප ශිල්පී යී ෆෙන්ග් විසින් මෙම පැටවාව තමන්ගේම පුතෙකු මෙන් ඇති දැඩි කළ අතර ග්‍රීන්ගේ මිතුරා වූයේ නිවසේ සිටි පොමරේනියන් වර්ගයේ සුනඛයායි.

රූපවාහිනියෙන් ඇසෙන වෘක හඬවල් අනුකරණය කිරීමටත්, විදුලි රැහැන් හැපීමටත්, පොකුණකින් මසුන් ඇල්ලීමටත් ග්‍රීන් හුරුවුණා. ග්‍රීන් වැඩෙත්ම උගේ දත් මුවහත් වූ අතර, ආහාර ආරක්ෂා කිරීමටත් රාත්‍රී කාලයේ උඩුබුරුලෑමටත් පටන් ගත්තා.

ග්‍රීන්ව සත්වෝද්‍යානයකට භාර දෙන ලෙස මිතුරන් පැවසුවද, සිරකර තැබූ වෘකයන් දැකීමෙන් පසු ලී එම අදහස ප්‍රතික්ෂේප කළා. "ග්‍රීන්ගේ නිදහස සහ අභිමානය ජීවිතයටත් වඩා වටිනවා" යැයි ඇය පැවසුවා. වෘකයන්ගේ හැසිරීම් පිළිබඳව පර්යේෂණ කිරීමෙන් පසු, 2010 ජූලි මාසයේදී ලී සිය නිවස විකුණා ග්‍රීන්ව නැවත වනගත කිරීමට සොයිජ් ප්‍රේයිරී වෙත රැගෙන ගියා.

එහිදී ටිබෙට් ජාතික මිතුරෙකු සමඟ සිටියදී ග්‍රීන් දඩයම් කිරීමට ඉගෙන ගත් අතර, බල්ලන් මෙන් බිරීමටද හුරු වුණා. අභියෝග රැසකට පසු 2011 වසරේදී ග්‍රීන් හට නව වෘක රංචුවක් හමු වී තිබුණා.

වෙන්වන මොහොතේ ලී කඳුළු පිරුණු දෑසින්, "යන්න මගේ පුතේ, බය වෙන්න එපා. මම ඔබ යන දිහා බලාගෙන ඉන්නවා. ඔබ සොබාදහමේ දරුවෙක්" යැයි පැවසුවේ තම කුසෙන් වැදූ දරුවකු වෙන්ව යන තරම් වේදනාවකින්.

මාස නවයක් වයසැති ග්‍රීන් සිය මිනිස් මවගෙන් සමුගෙන වනගත වූ අතර ග්‍රීන් මිනිසුන් යටතේ හැදී වැඩී සාර්ථකව වනගත වූ ලොව පළමු වෘකයා බවට පත් වුණා.

චීනයේ වෘක ගහනය පරිසර වෙනස්වීම් සහ දඩයම් කිරීම නිසා සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. 2011 වන විට සොයිජ් ප්‍රදේශයේ ඉතිරිව සිටියේ වෘකයන් 100ක් පමණයි.

2013 දී ලී සහ යී නැවත පැමිණි විට ග්‍රීන්ගේ පැටවුන් තිදෙනෙකු මියගොස් හෝ අතුරුදහන් වී ඇති බව දැනගන්නට ලැබුණා. කෙසේ වෙතත්, වෘක රංචුවේ නායකයා වී සිටි ග්‍රීන් දුර සිට ලී දෙස බොහෝ වේලාවක් බලා සිටි බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

2020 දී සිචුවාන් රජය පළමු වෘක ආරක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවූ අතර, 2021 දී වෘකයන් ආරක්ෂිත සත්ව විශේෂයක් ලෙස ප්‍රකාශයට පත් කළා. දැන් වෘකයන් දඩයම් කරන්නන්ට වසර 10ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකියි. දැනට එම රක්ෂිතයේ වෘකයන් 115ක් පමණ සිටින බව පැවසෙනවා. ග්‍රීන් අවසන් වරට දැක ඇත්තේ 2020 වසරේදී වන අතර, එවිට උගේ වයස අවුරුදු 10ක්. වෘකයෙකු සාමාන්‍යයෙන් අවුරුදු 12 සිට 16 දක්වා ජීවත් වනවා.

"දැන් මේ තණබිම්වල සිටින සෑම වෘකයෙක්ම ග්‍රීන් ලෙස හඳුන්වනවා" යැයි යී ෆෙන්ග් පවසනවා.

සිය ජීවිතය වනජීවී ආරක්ෂාව වෙනුවෙන් කැප කළ ලී වේයී මෑතකදී පවසා ඇත්තේ ඇය කළ හැකි සෑම දෙයක්ම කර ඇති බැවින් දැන් නිහඬව සිටින බවයි.

ග්‍රීන් හිම මත සිනාසෙමින් දුවන ඡායාරූපයකට ඇය සිය ප්‍රසාදය පළ කර වැඩි යමක් නොකීවද ඇයගේ දෑසින් ග්‍රීන්ගේ ඈත්වීමේ වේදනාව දැකගත හැකි වුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top